Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සාග් ක්‍රීඩා උළෙලට ගිය ජාතික කබඩි පුහුණුකරුවන් දෙදෙනාටම තහනමක්

සාග් ක්‍රීඩා උළෙලට ගිය ජාතික කබඩි පුහුණුකරුවන් දෙදෙනාටම තහනමක්

නාමල් පතිරගේ - 2020 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සහාය පුහුණුකරුවකුට පහරදීමේ චෝදනාවට වැරදිකරුවන් කළ හිටපු ජාතික කබඩි පුහුණුකරුවන් දෙදෙනකුට වසර පහක් බැගින් වන තහනමක් පැනවීමට ඉකුත් සෙනසුරාදා (26) ඒ සඳහාම කැඳවූ ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීමේදී තීරණය වී තිබේ.

මෙසේ කබඩි ක්‍රීඩා ක්ෂේත්‍රයේ සියලු ක්‍රියාකාරකම්වල ඍජුව හෝ වක්‍රව නිරතවීම වසර පහකට තහනම්වී ඇත්තේ වසර 2019 දෙසැම්බර් මාසයේ නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැති 13 වැනි සාෆ් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය දැරූ ඉන්දික සනත් කුමාර හා එහිදී ශ්‍රී ලංකා (පිරිමි) කබඩි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය දැරූ ඉසුරු රුවන් බණ්ඩාර යන මහත්වරුන්ටය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලේකම් ආර්. සහීවන් මහතා ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගෙන තිබේ.
සහීවන් මහතා ඉසුරු රුවන් බණ්ඩාර මහතා වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ වසර 2019 ඔක්තෝබර් 9 වැනිදා මත්පැන් භාවිත කර නේවාසිකාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් පිරිමි කණ්ඩායමේ ජාතික සහය පුහුණුකරුට අඩම්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් සිදු කළ විනය පරීක්ෂණයට අනුව තාවකාලික තහනම් කාලයද ඇතුළත් වන පරිදි වසර පහක කබඩි තහනමක් ඔහුට පැනවීමට තීරණය කළ බවයි.
එය වසර 2019 ඔක්තෝබර් 10 වැනිදා සිට 2024 ඔක්තෝබර් 9 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරන බවද එම ලිපියේ දක්වා තිබේ. එම විනය පරීක්ෂණ වාර්තාවට අනුව එකී කාලයටම බලපැවැත්වෙන පරිදි අදාළ චෝදනාවට වැරදිකරු කරමින් හිටපු ජාතික කාන්තා කබඩි පුහුණුකරු ඉන්දික සනත් කුමාර මහතාගේ තහනමද එලෙස ක්‍රියාත්මක වන බව ඔහුට කබඩි සම්මේලනයේ ලේකම්වරයා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම තහනමට ලක්වූ පුහුණුකරුවන්ගේ මෙහෙයවීම යටතේ නේපාලයේ දී පැවැති 13වැනි සාෆ් ක්‍රීඩා උළලේදී කබඩි කාන්තා හා පිරිමි රිදී පදක්කම හිමිකර ගත්තේය. ජාතික සාග් ක්‍රීඩා පෙර පුහුණුවීම් ආරම්භ කර තිබූ අවස්ථාවේදී ජාතික පිරිමි කණ්ඩායම් සහය පුහුණුකරු ඊ.ඒ.සී. රත්නායක මහතාට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නේවාසිකාගාරයේදී පහරදුන් බවට මෙම කබඩි පුහුණුකරුවන් දෙදෙනාට එරෙහිව ඉදිරිපත්වූ පැමිණිල්ලකින් කියා තිබුණි.

එහිදී විනය පරීක්ෂණය ආරම්භයේදීම ඔවුන් දෙදෙනාට තාවකාලික තහනමක් පැනවීමට කබඩි සම්මේලනය තීරණය කළේය. ඔවුන්ගේ වසර පහක තහනම එහි අතීත කාලයද ඇතුළත් කරමින් ක්‍රියාත්මක කෙරේ.

මේ අතර ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාට නොබෝදා ලිපියක් යොමු කර තිබෙන ජාත්‍යන්තර කබඩි විනිසුරු අජිත් ප්‍රියන්ත මහතා පැවැති (2018) ආරක්‍ෂක සේවා කබඩි තරගාවලියේදී පුහුණුකරු ඉන්දික සනත් කුමාර මහතාගේ පහරදීමකට තමන් ලක්වූ බවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණයක් ඉටු නොවූ බැවින් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසයි.


අදහස් (0)

සාග් ක්‍රීඩා උළෙලට ගිය ජාතික කබඩි පුහුණුකරුවන් දෙදෙනාටම තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.