Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සා.තෝමස් විදුහලේ රයන් - උමයංග ශතක ලබති

සා.තෝමස් විදුහලේ රයන් - උමයංග ශතක ලබති

editorial - 2020 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ ශාන්ත බෙනඩික් විදුහල අතර ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී සාන්ත තෝමස් විදුහලේ රයන් ප්‍රනාන්දු (1147 සහ උමයංග සුවාරිස් (103) ශතක ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත වූ අතර එම විදුහලේම යසිරු රොද්‍රිගූ ලකුණු 40 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 94.5 කදී කඩුලු 8 ක් දැවී 326
(රයන් ප්‍රනාන්දු 114, උමයංග සුවාරිස් 103, මනීෂ රූපසිංහ 65, විහඟ රුවනාර 45/2, හසිඳු කවිරත්න 96/2)

ශාන්ත බෙනඩික් විදුහල් පළමු ඉනිම - ඕවර 56.5 කදී සියලු දෙනා දැවී 172
(පසන් සුවහස් 42, කවිරු පෙරේරා 42, තෙනුක නන්දලාල් 24, යසිරු රොද්‍රිගූ 40/7, තෙවින් ඊරියගම 37/2)

සාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 28.1 කදී කඩුලු 2 ක් දැවී 154
(බිල්මින් රත්නායක 96, කිෂාන් මුණසිංහ 24, තෙවින් ඊරියගම නොදැවී 24)

-036


අදහස් (0)

සා.තෝමස් විදුහලේ රයන් - උමයංග ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.