Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සා. තෝමස් 22-17 කින් කිංග්ස්වුඩ් පරදවයි

සා. තෝමස් 22-17 කින් කිංග්ස්වුඩ් පරදවයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ අවසන් තරගය ලෙස ගල්කිස්සේදී අද (18) පස්වරුවේ පැවැති තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල ලකුණු 22-17 කින් මහනුවර කිංග්ස්වුඞ් විදුහල පරාජය කිරීමට සමත් විය.

කිංග්ස්වුඞ් විදුහල පළමු අර්ධ අවසන් වන විට ලකුණු 12-8 ක් ලෙස පෙරමුණේ පසුවුවද සත්කාරක සාන්ත තෝමස් විදුහල දෙවැනි අර්ධයේදී පෙරමුණට පැමිණියේය.

සාන්ත තෝමස් විදුහල ගෝල දෙකකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. කිංග්ස්වුඞ් විදුහල ගෝලයකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු රැස්කළේය.

- 048


අදහස් (0)

සා. තෝමස් 22-17 කින් කිංග්ස්වුඩ් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.