Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්ලාඩාර් මුල් පුටුව සුමින්දට

ස්ලාඩාර් මුල් පුටුව සුමින්දට

editorial - 2020 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ (ස්ලාඩාර්) නව සභාපතිවරයා ලෙස සුමින්ද ද සිල්වා මහතා නිතරගයෙන් පත් විය.

එම සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීම ඉකුත්දා (27 වැනිදා) ඩීමෝ අයතන ශ්‍රවණාගාරයේදී පැවැති අතර එහිදී 2020-2021 කාල සීමාව සඳහා සුමින්ද මහතා සභාපති ධූරයට පත්විය.

සංගමයේ උප සභාපති ධූර සඳහා මහින්ද ජයවර්ධන මහතා සහ සමීර අබේනායක මහතාද, ලේකම් ධූරය සඳහා මුදිත අධිකාරි මහතාද නිතරගයෙන්ම පත් වූහ.

හිටපු සභාපතිවරුන් වන පුබුදු වික්‍රම මහතා සහ රොඞ්නි මේසන් මහතා උප භාණ්ඩාගාරිකරුන් ලෙසත් ගාමිණී කවිකාර, නිෂාන් වාසලතන්ත්‍රි සහ කාමිල් හුසේන් යන මහත්වරු කමිටු සාමාජිකයන් ලෙසත් නව නිලධාරී මණ්ඩලයට ඇතුළත් වූහ.


ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය
සභාපති - සුමින්ද ද සිල්වා මහතා
ලේකම් - මුදිත අධිකාරි මහතා
උප සභාපතිවරු - මහින්ද ජයවර්ධන මහතා සහ සමීර අබේනායක මහතා
උප ලේකම් - ප්‍රෂාන් විජේනායක මහතා
භාණ්ඩාගාරික - චානක හෙට්ටිආරච්චි මහතා
උප භාණ්ඩාගාරික - පුබුදු වික්‍රම මහතා සහ රොඞ්නි මේසන් මහතා
කමිටු සාමාජිකයෝ - ගාමිණී කවිකාර මහතා, මහිම පෙරේරා මහතා, නිෂාන් වාසලතන්ත්‍රි මහතා, ඇන්ඩි්‍රයාස් ක්ලවුස් මහතා, සාරංග ගුණවර්ධන මහතා, කාමිල් හුසේන් මහතා සහ ඩෑන් ද සිල්වා මහතා
දිස්ත්‍රික් ලේකම්වරු - ෂේන් ගුණවර්ධන මහතා සහ ගයාන් සඳරුවන් මහතා


-036

 


අදහස් (0)

ස්ලාඩාර් මුල් පුටුව සුමින්දට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.