Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්ලාඩා ශූරතාවලියට සියැට් අනුග්‍රහය

ස්ලාඩා ශූරතාවලියට සියැට් අනුග්‍රහය

ශානුක අරවින්ද - 2019 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සංගමය සංවිධානය කරන 2019 මෝටර් රථ සහ යතුරුපැදි ශුරතාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමට මෙරට ප්‍රමුඛ පෙළේ ටයර් සමාගමක් වන සියැට් සමගාම ඉදිරිපත් වී සිටියි. මේ වසරේ සියැට් - ස්ලාඩා ශුරතාවලියට මෝටර් රථ සහ යතුරුපැදි තරග 5 ක් ඇතුළත් වන අතර ගජබා සුපර් ක්‍රොස්, ගනර්ස් සුපර් ක්‍රොස්, සීගිරිය රැළි ක්‍රොස්, කටුකුරුන්ද රොදර්හැම් සහ ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් යන තරගාවලි ඊට අයත් වේ.

එම තරගාවලි අතරින් ෆොක්ස් හිල් තරගාවලිය සියලුම මෝටර් රථ ක්‍රීඩා සංගම් සමග සංවිධානය කරන අතර සෙසු තරගාවලි 4 ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබයි.

මෙම තරගාවලිවලට අනුග්‍රාහය දැක්වීමට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෝටර් රථ තරගාවලි සඳහාද සියැට් සමාගම සහයෝගය ලබාදෙයි.

මේ වසර තුළදී (2019) පැවැත්වෙන සියලුම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි සඳහා සියැට් සන්නාමය යටතේ තරග වදින සියැට් මෝටර් රථ සහ යතුරුපැදි කණ්ඩායමේ සාමාජිකයන්ද එහිදී සියැට් අනුග්‍රහය ලැබීය.
උෂාන් පෙරේරා, මලීක කුරුවිටආරච්චි, කර්නල් දුමින්ද ජයසිංහ, කර්නල් ඉන්දු සමරකෝන්, උපුල්වන් සේරසිංහ, දේවීන් සේරසිංහ, චමෝද් පෙරේරා, චමෝද් සමරකෝන්, ඉවෝන් බියාජි ගුරුසිංහ සහ ජාක්ස් ගුණවර්ධන මෙවර සියැට් කණ්ඩායමට ඇතුළත්ව සිටිති.


- 036


අදහස් (0)

ස්ලාඩා ශූරතාවලියට සියැට් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.