Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සම්පත් බැංකු ප්‍රවීණයෝ ක්‍රිකට් ශූරතාව දිනාගනිති

සම්පත් බැංකු ප්‍රවීණයෝ ක්‍රිකට් ශූරතාව දිනාගනිති

යොහාන් භාසුර - 2020 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය දෙවැනි වරට සංවිධානය කළ වෙළෙඳ සේවා ‘මැලිබන්’ කුසලාන ප්‍රවීණ සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සම්පත් බැංකු කණ්ඩායම සමත් විය. හැටන් නැෂනල් බැංකු ‘බී’ කණ්ඩායමට අනුශූරතාව හිමිවිය.

මෙම තරගාවලිය පසුගියදා වෙළෙඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
 
සුවන්ජි මදනායකගේ නායකත්වයෙන් යුත් සම්පත් බැංකු පිල අවසන් මහ තරගයේදී කඩුලු තුනකින් හැටන් නැෂනල් බැංකු පිල පරාජය කිරීමට සමත් විය.

ජයග්‍රාහි සම්පත් බැංකු පිලට ටෙස්ට් ක්‍රීඩකයන් වන රංගන හේරත්, ශාන්ත කලවිටිගොඩ, චරිත බුද්ධික සහ හසන්ත ප්‍රනාන්දු ඇතුළත් වීම කැපී පෙනුණි.

සම්පත් බැංකු පිලේ ශාන්ත කලවිටිගොඩ දක්‍ෂතම පිතිකරු ලෙස ද, චරිත බුද්ධික අවසන් මහ තරගයේ වීරයා ලෙස ද, හැටන් නැෂනල් බැංකු පිලේ අනූෂ් පෙරේරා දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, සම්මාන ලැබූහ.    

 

හැටන් නැෂනල් බැංකු ‘බී’ කණ්ඩායම ඕවර 5 යේදී කඩුලු 3 ට 55
(නිමේෂ් පෙරේරා 20, සජීව ද සිල්වා 21, චරිත බුද්ධික 14/1, රංගන හේරත් 13/1)

සම්පත් බැංකු කණ්ඩාටම ඕවර 4.1 කදී කඩුලු 2 ට 57
(ශාන්ත කලවිටිගොඩ 25, චරිත බුද්ධික 18, අනූෂ් පෙරේරා 11/2)


මැලිබන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බන්දුල පෙරේරා මහතා අතින් සුවන්ජි මදනායක ශූරතා කුසලාන ලබාගත් අවස්ථාව...
 

 


අදහස් (1)

සම්පත් බැංකු ප්‍රවීණයෝ ක්‍රිකට් ශූරතාව දිනාගනිති
  • Shashika Sunday, 13 September 2020 10:06 AM

    ඉතා සතුටුයි. රංගන හේරත් වැනි ප්‍රවීණ ක්‍රීඩකයෙක් ඇතුලුව ශූරතාවයක් දිනා ගැනීම අතිශයින්ම සම්පත් බැංකු කණ්ඩායම සතුටු විය යුතුමයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.