Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සමපෝෂ කුසලාන අවසන් තරග 2 දා සිට

සමපෝෂ කුසලාන අවසන් තරග 2 දා සිට

යොහාන් භාසුර - 2020 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එක්ව සංවිධානය කරන ‘සමපෝෂ’ කුසලාන වයස 14 න් පහළ අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ (2019) අවසන් වටය ලබන පෙබරවාරි මස 2 වැනිදා ගාල්ලේදී ආරම්භ වේ.  අවසන් වටයේ තරග ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේදී පෙබවාරි මස 2, 3 සහ 4 තෙදින පැවැත්වේ.

අවසන් මහ තරග සහ තෙවැනි ස්ථාන සඳහා තරග කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පෙබරවාරි මස 5 වැනිදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව තුළ පසුගිය වසරේ (2019) ඇතිවූ ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීමට නොහැකි වීමෙන් මේ මස 13 වැනිදා දිස්ත්‍රික් තරග ආරම්භ විය. දිස්ත්‍රික් තරග සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 30 කදී පැවැත්වේ. එම තරග වටයට බාලක කණ්ඩායම් 470 ක් සහ බාලිකා කණ්ඩායම් 130 ක් සහභාගි වන බව පාසල් පාපන්දු සංගමය පවසයි.

දිස්ත්‍රික් තරග වටයෙන් බාලක කණ්ඩායම් 33 ක් සහ බාලිකා කණ්ඩායම් 25 ක් ගාල්ලේදී පැවැත්වෙන අවසන් වටයට සුදුසුකම් ලබයි. එම කණ්ඩායම් අතර ලීග් තරගාවලියකින් පසුව කණ්ඩායම් 16 බැගින් පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබීමට නියමිතය.

මෙම තරගාවලියට සී.බී.එල්. සමපෝෂ අනුග්‍රහය පිරිනැමීම පසුගියදා ප්ලෙන්ටි ෆුඩ්ස් සමාගමේ අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ශම්මි කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.  එහිදී ශම්මි කරුණාරත්න මහතා පැවසුවේ ක්‍රීඩාවෙන් දරුවන්ගේ ශාරීරික මෙන්ම මානසික ගුණාංග වර්ධනය වන බවත් ඔවුන් තුළ සමගිය, විනය, ඉක්මන් තීරණ ගැනීමේ හැකියාව සහ ශක්තිය වර්ධන වන බවයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ සභාපති හේමන්ත අබේකෝන් සහ සී.බී.එල්. සාමාන්‍යාධිකාරී (වෙළෙඳ) ජයන්ත පෙරේරා යන මහත්වරු ද සහභාගි වූහ.

 

ප්ලෙන්ටි ෆුඩ්ස් සමාගමේ අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ශම්මි කරුණාරත්න මහතා විසින් අනුග්‍රහක චෙක්පත නිල වශයෙන් පාපන්දු සංගමයේ සභාපති හේමන්ත අබේකෝන් මහතාට පිරිනමන ලද අවස්ථාව.


අදහස් (0)

සමපෝෂ කුසලාන අවසන් තරග 2 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.