Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සභාපති කුසලාන කැරම් තරගාවලිය 10 වැනිදා

සභාපති කුසලාන කැරම් තරගාවලිය 10 වැනිදා

editorial - 2019 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන සභාපති කුසලාන කැරම් ශූරතාවලිය අගෝස්තු මස 10 වැනිදා සිට සති අන්ත දිනවලදී දෙල්කඳ, ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇති අතර අගෝස්තු මස 2 වැනිදා මධ්‍යහන 12.00 ට අයදුම් පත් බාරගැනීම අවසන් වේ. තරග අනුපිළිවෙළ සකස් කිරීම අගෝස්තු 3 වැනිදා පෙරවරු 9.00 සිට කැරම් සම්මේලන මුලස්ථානයේදී සිදු කෙරේ.

පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල සහ කාන්තා යුගල යන ඉසව් හතර යටතේ මෙම තරගාවලියේදී තරග පැවැත්වෙන අතර කැරම් ක්‍රීඩාවට උනන්දුවක් දක්වන දිවයිනේ ඕනෑම ප්‍රදේශයක කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙම තරගාවලිය සඳහා සහභාගි විය හැකිය.

ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සාමාජිකත්වය ලබා ඇති සියලුම ක්‍රීඩා සමාජ වෙත අදාළ අයදුම්පත් මේ වන විටත් තැපැල් කර යවා ඇති අතර සෙසු අයදුම්කරුවන්ට නුගේගොඩ, දෙල්කඳ, රත්තනපිටිය පාරේ, අංක 24ඒ දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයෙන් හෝ ''Carrom Federation of Sri Lanka'' ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් අයදුම්පත් ලබාගත හැකිය.

තරගාවලියේ සියලුම තරග ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ අනුමත නීති රීති වලට අනුකූලව පැවැත්වේ. 071 819 3287 අංකයෙන් තරග ලේකම් අමිතා වික්‍රමසිංහ මහත්මිය හෝ 077 730 9234 අංකයෙන් ප්‍රධාන ලේකම් දයා විදානගම මහතා ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැත හැකිය.


-036

 


අදහස් (0)

සභාපති කුසලාන කැරම් තරගාවලිය 10 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.