Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සඳරුවන් - නිසංසලා ආසියානු තරගාවලියට

සඳරුවන් - නිසංසලා ආසියානු තරගාවලියට

නාමල් පතිරගේ - 2019 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දෙසැම්බර් 22 වැනිදා චීනයේදී පැවැත්වෙන ආසියානු මැරතන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයකු හා ක්‍රිඩිකාවක් නිර්දේශ කර තිබේ. එහි පිරිමි ඉසව්ව සඳහා ඩී.ජී.ඩී සඳරුවන්ද කාන්තා ඉසව්ව සඳහා ඒ. නිසංසලා බණ්ඩාරත් නිර්දේශ කිරීමට ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මෙවර ආසියානු මැරතන් (පිරිමි) තරගයට සහභාගි වන සඳරුවන් පැය 2 විනාඩි 37 තත්පර 07 කට ඉකුත්දා පැවති ජාතික යොවුන් මැරතන් (පිරිමි) තරගයේ රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයායි. ආසියානු තරගාවලියට ඔහු නිර්දේෂකර ඇත්තේද ජාතික යොවුන් මැරතන් තරගයේ ප්‍රතිඵල නිරීක්ෂණයෙනි.

මේ අතර මැකාවෝ හිදී ලබන දෙසැම්බර් 1 වැනිදා පැවැත්වෙන ‘ගැලැක්සි’ ජාත්‍යන්තර මැරතන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ආර්.ඒ.පී අරුණසිරි හා එච්.ඒ. මධුමාලි පෙරේරා තෝරාගනු ලැබ ඇත.
 
ශ්‍රී ලංකාව මෙම වසරට සහභාගිවීමට නියමිත සෙසු ප්‍රධානතම ජාත්‍යන්තර මැරතන් තරගාවලිය වන්නේ ලබන දෙසැම්බර් 1 වැනිදා නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භවන 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ මැරතන් තරගාවලියයි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ හිරුණි කේසරා විජේරත්න හා ඩබ්.එම්. සමන් කුමාරයි. ඒ සඳහා නිර්දේශ වූ ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර මධුමාලි පෙරේරා සහ ධම්මික අරුණසිරිද වෙති.

මැරතන් තරග දෙකක් අතරතුර අවම වශයෙන් මාස 3 ක පමණ විවේක කාලයක් පැවතිය යුතු බැවින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට යන ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් දෙසැම්බර් 22 වැනිදා පැවැත්වෙන ආසියානු මැරතන් තරගාවලියට ඉදිරිපත් නොවේ.
 
ශ්‍රී ලංකාවේ ජාතික කාන්තා මැරතන් තරග වාර්තාව පැය 2 විනාඩි 34 තත්පර 10 කට හිරුණි කේසරා විජේරත්න සතුවේ. ඇය පසුගිය සිකුරාදා (27) දෝහා කටාර්හිදී පැවති ලෝක ශූරතා මැරතන් (කාන්තා) තරගාවලියට සහභාගි වුණත් එහිදී තරගය අතරමගදී ඉවත් වූවාය. අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ වසර 2015 ලන්ඩන් මැරතන් (පිරිමි) තරගයේදී පැය 2 විනාඩි 13 තත්පර 47 කට එම තරගය නිමා කිරීම මේ දක්වා එහි ජාතික (පිරිමි) වාර්තාව ලෙස ගැනේ.


අදහස් (0)

සඳරුවන් - නිසංසලා ආසියානු තරගාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.