Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සචිනි රණසිංහ ගෝන් ප්‍රී ශූරතාව දිනයි

සචිනි රණසිංහ ගෝන් ප්‍රී ශූරතාව දිනයි

ශානුක අරවින්ද - 2020 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ගෝන් ප්‍රී චෙස් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට එන්.එෆ්. -3 චෙස් සමාජයේ සචිනි රණසංහ සමත් වූවාය. ශූරතාව දිනාගැනීම වෙනුවෙන් ඇයට ශූරතා කුසලානය, රන් පදක්කමක් සහ රුපියල් 30,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණ.

 

කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේදී පැවැති පළමු කාන්තා චෙස් තරගාවලිය වූ මෙම තරගාවලිය සඳහා ක්‍රීඩිකාවෝ 12 දෙනෙක් සහභාගි වූහ. එහිදී සෑම ක්‍රීඩිකාවක්ම සෑම ක්‍රීඩිකාවකට එරෙහිවම තරග වැදිය යුතු විය. ඒ අනුව එක් ක්‍රීඩිකාවකට තරග 11 කට බැගින් සහභාගිවීමට සිදුවිය.

සහභාගි වූ තරග 11 න් තරග 9 ක් ජයගනිමින් සහ  තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින් ලකුණු 9 1/2 ක් ලබා සචිනි තරගාවලියේ ශූරිය බවට පත්වූවාය. එහිදී ඇය පරාජය වූයේ කොළඹ දේවි බාලිකා විදුහලේ තරුෂි සංදීපනීට එරෙහිව පැවැති තරගය පමණි.

සිවු වසරක් (2009, 2011, 2012 සහ 2013) ජාතික චෙස් ශූරිය ලෙස කිරුළු දරා සිටින සචිනි, 2010 වසරේ රුසියාවේදී, 2012 වසරේ තුර්කියේදී, 2016 වසරේ අසර්බයිජානයේදී සහ 2018 වසරේ ජෝර්ජියාවේදී පැවැති චෙස් ඔලිම්පියාඞ් තරගාවලි සඳහාද සහභාගි වූ ක්‍රීඩිකාවකි.

මොරටුව විශ්ව විද්‍යාලයේ දිනුෂ්කි ප්‍රේමනාත්, කොළඹ විශාඛා විද්‍යාලයේ තරුෂි නිලේක්ෂා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නෙලුනිකා මෙත්මිනි යන ක්‍රීඩිකාවෝ ලකුණු 8 බැගින් සම ලකුණු ලබාගත්හ. එහෙත් තරගාවලිය තුළදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔවුහු පිළිවෙලින් රිදී පදක්කම, ලෝකඩ පදක්කම සහ සිවුවැනි ස්ථානය හිමිකර ගත්හ. සම ලකුණු ලබාගැනීම හේතුවෙන් ඔවුන් තිදෙනාටම රුපියල් 12,000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමිණ.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය පළමු වරට සංවිධානය කළ මෙම තරගාවලිය අදියර දෙකකින් සමන්විත වූ අතර එහි පළමු අදියර ජූලි මස 25 වැනිදා සිට ජූලි මස 27 වැනිදා දක්වාද, දෙවැනි අදියර ජූලි මස 31 වැනිදා සිට මෙම මස 2 වැනිදා දක්වාද නුගේගොඩ, දෙල්කඳ පිහිටි චෙස් සම්මේලන මුලස්ථානයේදී පැවැත්විණ.


තරගාවලියේ ලකුණු සටහන
1 සචිනි රණසිංහ (එන්.එෆ්.3 චෙස් සමාජය) - 9 1/2
2 දිනුෂ්කි ප්‍රේමනාත් (මොරටුව විශ්ව විද්‍යාලය) - 8
3 තරුෂි නිලේක්ෂා (කොළඹ විශාඛා විද්‍යාලය) - 8
4 නෙලුනිකා මෙත්මිනි (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) - 8
5 අශ්විනී පවලචන්ද්‍රන් (කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසල) - 7
6 සංදීපනී තරුෂි (කොළඹ දේවි බාලිකා විශ්ව විද්‍යාලය) - 6 1/2
7 ප්‍රසංසා ප්‍රේමනාත් (මහනුවර උසස් බාලිකා විද්‍යාලය) - 5 1/2
8 ජනන්දනී අබේසිංහ (උසස් බාලිකා විද්‍යාලය) - 5 1/2
9 ඔනෙලි වීරවර්ධන (රත්නපුර ලයිසියම් ජාත්‍යන්තර පාසල) - 3 1/2
10 සයුමි ගමගේ (කොළඹ මියුසියස් විදුහල) - 3
11 සයුමි විමන්සා (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) - 1 1/2
12 නෙමින්දි රාමනායක (ගිගල්ස් ජාත්‍යන්තර පාසල)

තරුෂි නික්ලේෂා, සචිනි රණසිංහ සහ දිනුක්ෂි ප්‍රේමනාත් තරගාවලියේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් විජේසූරිය මහතා සමග


අදහස් (0)

සචිනි රණසිංහ ගෝන් ප්‍රී ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.