Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සංවත්සර ක්‍රීඩා උළෙලක්

සංවත්සර ක්‍රීඩා උළෙලක්

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා ඉසව් 10කින් සමන්විත විශේෂ ක්‍රීඩා උළෙලක් ලබන දෙසැම්බර් මස 16, 17 සහ 18 යන දිනවල කොළඹදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහි මලල ක්‍රීඩා ඉසව් කොළඹ ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ පිටියේදී විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වෙන අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ 50 වැනි සංවත්සරය මෙම වසරට යෙදී තිබෙන බැවින් එම ක්‍රීඩා උළෙල වඩාත් උත්සවශ්‍රීයෙන් සංවිධානය කිරීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා උපදෙස් දී තිබේ.

ජාතික මහා ක්‍රීඩා උළෙල අනුව යමින් මෙම ක්‍රීඩා උළෙලත් සංවිධානය කෙරෙන අතර කෙසේ වුවත් එය සංවත්සරය නිමිත්තෙන්ම සංවිධානය කරන ක්‍රීඩා උළෙලක් විනා එය වාර්ෂිකව පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණයක් ගෙන නොමැති බව ද වාර්තා වේ.

මෙම වසරට තවත් ඉතිරිව තිබෙන ප්‍රතිපාදන ක්‍රීඩා අමාත්‍යාංශය මෙම ක්‍රීඩා උළෙලේ වැය කිරීම් සඳහා යොදා ගැනීමට තීරණය කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. මෙම විශේෂිත ක්‍රීඩා උළෙලේ පූර්ව සංවිධාන කටයුතු මේ වනවිටත් සූදානම් වෙමින් පවතින අතර පැවැත්වෙන ක්‍රීඩා ඉසව්වලට අදාළ ජාතික ක්‍රීඩා සංගම් සමඟ ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මේ වනවිටත් සාකච්ඡා පවත්වා තිබේ.

ටොරින්ටන් පිටිය අවට කොළඹ ක්‍රීඩාංගණ කීපයකදී පැවැත්වෙන සංවත්සර ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ජයග්‍රාහී කණ්ඩායම් වෙත පදක්කම්, සහතික පත්‍ර හා විශේෂ ත්‍යාග ප්‍රදානය කිරීමට ද ක්‍රීඩා අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

1967 දී ස්ථාපිත කළ ක්‍රීඩා අමාත්‍යාංශය සිය පළමු ජාතික මහා ක්‍රීඩා උළෙල 1970 දී පවත්වා තිබේ.

 


අදහස් (0)

සංවත්සර ක්‍රීඩා උළෙලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.