Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සංවිධානය බිංදුවයි

සංවිධානය බිංදුවයි

ශනුක අරවින්ද - 2016 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගජබා සුපර් ක්‍රොස් ධාවන පථයේ දක්නට ලැබූණ දැඩි දූවිලි නිසා මෝටර් රථ මෙන්ම යතුරුපැදි තරග වලදීද අනතුරුද ඉතා බහුළව සිදුවිය. එවැනි තත්ත්වයක් තිබියදීද, ධාවන පථයට වතුර යෙදීමට සංවිධාකයන් පියවර නොගත් බවට තරගකරුවෝ මැසිවිළි නැගූහ.

ඉදිරි පෙළ තරගකරුවන් ගමන් කළ පසු ධාවන පථය දූවිල්ලෙන් වැසීයෑම නිසා පසුපසින් එන තරගකරුවන්ට ඉදිරිය නොපෙනී යෑම අනතුරුවලට ප‍්‍රධානම හේතුවක් විය. එම නිසා අනතුරුවලට ලක්වූ තරකරුවන් රැසක් ධාවන පථය තුළදීම තරග සංවිධායකයන්ට දොස් පවරන අයුරුද දැකගත හැකිවිය.

තරගාවලියේ ප‍්‍රධානතම මොටර් රථ ඉසව්වේ (එස්. එල්. ජී. ටී කාණ්ඩයේ) පළමු තරගය අවසන් වූ වහාම එම තරගයට සහභාගි වූ තරගකරුවන් කිහිපදෙනෙකුම සංවිධායකයන්ට ඒ බව ඔවුන්ට පැමිණිළි කරන අයුරුද දැකගන්නට ලැබිණ.
 

එසේ පැමිණිළි කිරීමෙන් අනතුරුව අවස්ථා කිහිපයකදී ධාවන පථයේ ස්ථාන කිහිපයකට පමණක් වතුර යෙදීමට සංවිධායකයෝ කටයුතු කළහ. කෙසේ වෙතත් ඔවුන්ගේ උත්සාහය වූයේ ඔවුන්ට ලැබී තිබූ සජීවී විකාශන කාලය නිමා වීමට පෙර සියලූම තරග ඉසව් පවත්වා නිමා කිරීමටය.

තරගාවලිය අතරතුර සිදුවූ අනතුරු ප‍්‍රමාණයෙන් බහුතරයක් ධාවන පථයේ දූලි වළාවන් නිසා සිදුවූ බවත්, තවත් වරක් හෝ දෙවරක් ධාවන පථයට වතුර යෙදුවා නම් එම අනතුරු අවම කරගැනීමට හෝ වළක්වා ගැනීමට ඉඩකඩ තිබූ බවද තරගකරුවන් වැඩිදෙනාගේ මතය විය.

 

ඡායාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

සංවිධානය බිංදුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.