Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සංගක්කාර රාජස්ථාන් ක්‍රිකට් අධ්‍යක්‍ෂක

සංගක්කාර රාජස්ථාන් ක්‍රිකට් අධ්‍යක්‍ෂක

editorial - 2021 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර මහතා එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්‍ෂකවරයා ලෙස පත්කර තිබේ.

අයි.පී.එල් තරගාවලියට එක්වන කණ්ඩායම් අද (20 වැනිදා) දිනයේදී ඔවුන්ගේ කණ්ඩායම් වලින් නිදහස් කරන ක්‍රීඩකයින් නිවේදනය කළ අතර පසුගිය වසරේ රාජස්ථාන් රෝයල්ස් පිලේ නායකත්වය දැරූ ස්ටීවන් ස්මිත්ද රාජස්තාන් පිලෙන් නිදහස් කර තිබේ.

ඒ අනුව සංජු සැම්සන් රාජස්ථාන් රෝයල්ස් පිලේ නව නායකයා ලෙසත්, ක්‍රිකට් අධ්‍යක්‍ෂකවරයා ලෙස කුමාර් සංගක්කාර මහතාත් පත්කරන බවත් එහි හිමිකරු මනෝජ් බදාලේ මහතා තහවුරු කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමෙන් පසුව මුදල් මත පදනම්වූ ක්‍රිකට් තරගාවලි කිහිපයකදී කුමාර් සංගක්කාර මහතා උපදේශකයකු ලෙස කටයුතු කර ඇත.

 - 2079

 


අදහස් (0)

සංගක්කාර රාජස්ථාන් ක්‍රිකට් අධ්‍යක්‍ෂක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.