Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සියැට් - ස්ලාඩා සම්මාන උළෙල 21 දා

සියැට් - ස්ලාඩා සම්මාන උළෙල 21 දා

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සංගමය (ස්ලාඩා) සහ සියැට් කැළණි ටයර් සමාගම එක්ව සංවිධානය කරන සියැට්-ස්ලාඩා මෝටර් රථ කී‍්‍රඩා සම්මාන උළෙල මේ මස 21 වැනි සෙනසුරාදා රාති‍්‍ර 8.00 සිට කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් උත්සව ශාලාවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුන්ගේ සංගමය විසින් මේ වසර තුළදී සංවිධානය කරන ලද නරියා කන්ද සුපර්ක්‍රොස්, ගනර්ස් සුපර්ක්‍රොස්, ගජබා සුපර්ක්‍රොස්, සීගිරිය රැළික්‍රොස් සහ කටුකුරුන්ද රොදර්හැම් යන තරගාවලිවල දක්ෂතා දැක්වූ මෝටර් රථ රියැදුරන් සහ යතුරුපැදිකරුවන් ඇගැයීම එහිදී  කෙරේ.

වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා සහ දක්ෂතම යතුරුපැදිකරුවා යන ප‍්‍රධානතම සම්මාන දෙකද සමගින් එහිදී ප‍්‍රදානය කිරීමට නියමිත මුලූ සම්මාන සංඛ්‍යාව 17 කි. වසරේ දක්ෂතම මෝටර් රථ කණ්ඩායමට සහ දක්ෂතම යතුරුපැදි කණ්ඩායමටද මෙහිදී සම්මාන හිමිවේ.

මේ වන විට වසරේ දක්ෂතම මෝටර් රථ රියැදුරා සම්මානය සඳහා අශාන් සිල්වාද, දක්ෂතම යතුරුපැදිකරුවා සම්මානය සඳහා ෂෙහාන් සී. අධිකාරිද නිර්දේශ වී සිටිති.

 


අදහස් (0)

සියැට් - ස්ලාඩා සම්මාන උළෙල 21 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.