Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිව්කොන් තරගාවලියේ ශූරතාව මැලේසියාවට

සිව්කොන් තරගාවලියේ ශූරතාව මැලේසියාවට

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී නිමාවට පත්වූ සිවුකොන් ජාත්‍යන්තර සංචිත දැල්පන්දු තරගාවලියේ ශූරතාව මැලේසියාව විසින් දිනා ගන්නා ලදී. මෙම තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම තෙවැනි ස්ථානය ලැබීය. ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකාව විසින් මලයාසියාව පරාජයට පත් කිරීමට සමත් වුවත් මෙම කොළඹ පුහුණු තරගාවලියේදි ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සංචිත කණ්ඩායම අවස්ථා දෙකකදීම මැලේසියානු කණ්ඩායමට පරාජයට පත්වීම කැපී පෙණුනි.
 
ජූලි මාසයේදී එංගලන්තයේ ලිවර්පුල්හිදී පැවැත්වෙන ලෝක දැල්පන්දු ශූරතා තරගාවලියට පෙර ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අප්‍රිකානු රටක තරග සංචාරයක් සඳහා සහභාගිවීමට මේ වනවිට සැලසුම් කරමින් සිටින බවද වාර්තාවේ.
 
මේ අතර එළඹෙන ජුනි මාසයේදී ජපානයේ පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය ඉලක්ක කරමින් පෙර පුහුණුවීම් කරන ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු සංචිත කණ්ඩායම මෙම තරගාවලියේදී සහභාගිවූ සියලු තරගවලින් පරාජයට පත්විය.
 
මෙම තරගාවලිය සඳහා විදෙස් කණ්ඩායම් දිවයිනට පැමිණෙන විට දැල්පන්දු පරිපාලනය පවත්වාගෙනයාම සඳහා ක්‍රීඩා ඇමැතිවරයා ත්‍රි පුද්ගල කමිටුවක් පත් කර තිබිණ. එහෙත් ඔවුන් කිසිවකුත් මෙම තරගාවලියට සහභාගි නොවූ අතර දැල්පන්දු සම්මේලනයේ සභාපති ධුරය දැරූ ට්‍රික්ෂි නානායක්කාර මහත්මිය තවදුරටත් තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවූවාය.  
 
දැල්පන්දු සම්මේලනයේ එතෙක් කටයුතු කළ හය දෙනකුගෙන් යුත් නිලධාරී මණ්ඩලයේ සභාපතිනිය හැරෙන්නට ලේකම්වරිය හා උපලේකම්වරිය පමණක් තරගාවලියට සහභාගිවී සිටි බව වාර්තාවේ.
 
තරගාවලියේ ප්‍රතිඵල
මලයාසියානු සංචිත පිල විසින් ශ්‍රී ලංකා යොවුන් සංචිත පිල පරාජය කරන ලදී. (78-16) 
මලයාසියානු සංචිත පිල විසින් කෙන්යානු සංචිත පිල පරාජය කරන ලදී (44-42) 
ශ්‍රී ලංකා ජාතික සංචිත පිල විසින් ශ්‍රී ලංකා යොවුන් සංචිත පිල පරාජය කරන ලදී. (73-34)
කෙන්යානු සංචිත පිල විසින් ශ්‍රී ලංකා යොවුන් සංචිත පිල පරාජයකරන ලදී (83-23) 
මලයාසියානු සංචිත පිල විසින් ශ්‍රී ලංකා ජාතික සංචිත පිල පරාජය කරන ලදී (48-39)
 
තෙවැනි ස්ථානය තේරීමේ තරගය:- 
ශ්‍රී ලංකා ජාතික සංචිත පිල විසින් ශ්‍රී ලංකා යොවුන් සංචිත පිල පරාජය කරන ලදී (83-15) 
 
අවසන් මහ තරගය:- 
මලයාසියානු සංචිත පිල විසින් කෙන්යානු සංචිත පිල පරාජය කරන ලදී (47-42) 

අදහස් (0)

සිව්කොන් තරගාවලියේ ශූරතාව මැලේසියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.