Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාමල් - යසිත අවසන් මහ තරගයට

ශාමල් - යසිත අවසන් මහ තරගයට

ශානුක අරවින්ද - 2021 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය 105 වැනි කරන ජාතික ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශාමල් දිසානායක සහ යසිත ද සිල්වා ඊයේ (15 වැනිදා) සමත් වූහ. අවසන් මහ තරගය හෙට (17 වැනිදා) පෙරවරු 9.00 ට ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (7/6, 6/3) සංඛ අතුකොරල පරාජය කරමින් ශාමල් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගතතේය. යසිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (7/6, 6/3) චාතූර්ය නිලවීර පරාජය කරමිනි. 2015 වසරේ සිට මේ දක්වා පැවැති සෑම ජාතික ටෙනිස් ශූරතාවලියකම පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ ශාමල්, 2016, 2017, 2018 සහ 2019 වන වසරවලදී පිට පිට සිවුවරක් ජාතික ටෙනිස් ශූරයා බවට පත්වීමටද සමත් විය.

යසිත ජාතික ටෙනිස් ශූරතාවලියක පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි. 2016 වසරේ පැවැති තරගාවලියේ අවසන් මහ තරගයේදී ශාමල් හමුවේ පරාජය වීම හේතුවෙන් යසිතට අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
මේ අතර කාන්තා කේවල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ජනලි මනම්පේරි, අනීකා සෙනෙවිරත්න සහ සවිනි ජයසූරිය පෙරේදා (14 වැනිදා) සමත් වූහ. ඒ අර්ධ අවසන් පූර්ව තරගවලදී පිළිවෙලින් නිෂ්කා ඊෂ්වරී, තුවිනි ද අල්විස් සහ ඔනෙලි පෙරේරා වට 2-0 ක් ලෙස පරාජය කරමිනි.

මින් පෙර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයක් ජයගනිමින් හසාලි ගජබාද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියේය. ඒ අනුව අද (16 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගවලදී අනීකා සෙනෙවිරත්නට එරෙහිව සවිනි ජයසූරියද, ජනලි මනම්පේරිට එරෙහිව හසාලි ගජබාද තරග බිමට පිවිසීමට නියමිතය.

 


අදහස් (0)

ශාමල් - යසිත අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.