Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්තුවරයන්ගේ සටනට ඩයලොග් අනුග්‍රහය

ශාන්තුවරයන්ගේ සටනට ඩයලොග් අනුග්‍රහය

යොහාන් භාසුර - 2020 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර 86 වැනි ‘ශාන්තුවරයන්ගේ සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට පස්වැනි වරටත් අනුග්‍රහය පිරිනැමීමට ‘ඩයලොග්’ සමාගම ඉදිරිපත්ව තිබේ. දෙවිදුහල් අතර ‘මොරිස් ජේ. ලෙගෝ’ පියනම කුසලාන මෙවර මහ ක්‍රිකට් තරගය මාර්තු මස 6 සහ 7 දෙදින පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එම අනුග්‍රහය නිල වශයෙන් පිරිනැමීම ඩයලොග් ආසියාටා සමාගමේ උප සභාපති (සමූහ නෛයිතික හා නියාමන) ටෙනේෂ් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පසුගියදා පැවැත්විණි.  

ශාන්ත ජෝශප් විදුහලේ විදුහල්පති රංජිත් අන්ද්‍රාදි පියතුමා සහ ශාන්ත පීතර විදුහලේ විදුහල්පති රෝහිත රොද්‍රිගු පියතුමා ඇතුළු තරග සංවිධාන ඒකාබද්ධ කමිටුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් වූහ.

මෙවර සෙසු අනුග්‍රහකයන් ලෙස හැටන් නැෂනල් බැංකුව, ඇමරිකන් නැෂනල් කොලේජ්, සෙලින්කෝ ලයිෆ්, එලිපන්ට් හවුස්, කීල්ස් ක්‍රෙස්ට්, නෙස්ලේ ලංකා සමාගමේ ‘මැගී’, සිලෝන් බිස්කට්, ජෙට්වින් හෝටලය සහ ඩරාෂ් අන්තර්ජාල ෂොපින් සෙසු අනුග්‍රහකයන් ලෙස කටයුතු කරයි.

දෙවිදුහල් අතර 46 වැනි වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය ලබන මාර්තු මස 22 වැනිදා දින එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 


ඩයලොග් ආසියාටා සමාගමේ උප සභාපති (සමූහ නෛයිතික හා නියාමන) ටෙනේෂ් ප්‍රනාන්දු මහතා විසින් ශාන්ත ජෝශප් විදුහලේ විදුහල්පති රංජිත් අන්ද්‍රාදි සහ ශාන්ත පීතර විදුහලේ විදුහල්පති රෝහිත රොද්‍රිගු පියතුමන්ලා වෙත අනුග්‍රහක චෙක්පත නිලවශයෙන් ප්‍රදානය කරන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

 


අදහස් (0)

ශාන්තුවරයන්ගේ සටනට ඩයලොග් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.