Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත ඇලෝෂියස් විදුහලට මුල් ඉනිමේ ජයක්

ශාන්ත ඇලෝෂියස් විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2020 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ ගාල්ල ශාන්ත ඇලෝෂියස් විදුහල අතර ශාන්ත ආනා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ඇලෝෂියස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ඇලෝෂියස් විදුහලේ කවිඳු දිල්හාර (52) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම දුල්මිණ දසුන් සහ සඳුන් මදුෂංක කඩුලු 7 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.

ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - ඕවර 74.5 කදී සියලු දෙනා දැවී 157
(ලසිත් වර්ණකුලසූරිය 92, දුල්මිණ දසුන් 36/4, සඳුන් මදුෂංක 55/3)

ශාන්ත ඇලෝෂියස් විදුහල් පළමු ඉනිම - ඕවර 63.4 කදී සියලු දෙනා දැවී 179
(කවිඳු දිල්හාර 52, චාමික සඳරුවන් 34, ඔමාල් සදිත් 26, කවිඳු රණසිංහ 61/4, මන්නන් මුසම්මිල් 27/2, ත්‍රිමල්ෂ සිල්වා 29/2)

ශාන්ත ආනා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 51.1 කදී කඩුලු 9 ක් දැවී 145
(දිල්හාර දේශබන්දු 34, කවිඳු රණසිංහ 23, රිෂිත පෙරේරා 21, සඳුන් මදුෂංක 30/4, දුල්මිණ දසුන් 53/3)

-036


අදහස් (0)

ශාන්ත ඇලෝෂියස් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.