Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත අන්තෝනි විදුහලට තියුණු ජයක්

ශාන්ත අන්තෝනි විදුහලට තියුණු ජයක්

editorial - 2019 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



අන්තර් පාඨශාලීය රග්බි තරගාවලියේ දෙවැනි අර්ධය ආරම්භ කරමින් මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටියේ දීපළඟ ශූරතාව සඳහාතරඟ වැදුන ධර්මරාජ විදුහලත් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත් අතර තරඟයෙන්ලකුණු 24 – 21 කජයක් වාර්තා කිරීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සමත් විය. ජයග්‍රාහි ශාන්ත අන්තෝනි කණ්ඩායම ගෝල දිනුම් තුනක් සහ දඬුවම්පහරක් මගින් ලකුණු රැස් කළ අතර ධර්මරාජ විදුහල ගෝල දිනුම් තුනක් මගින් ලකුණු රැස් කළේය.

තරඟය ආරම්භ වීමට පෙර, ඉකුත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සියලු දෙනා මෙනෙහි කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්විණ.

තරග විනිසුරු අරුණ ශාන්ත මහතාගේ ප්‍රථම නළා හඬින් තරගය ආරම්භ වී අට වැනි විනාඩියේදී ධර්මරාජ විදුහලේසෞම්‍ය විජේසිරි ශාන්ත අන්තෝනි ආරක්ෂක වළලු බිඳගෙන ගොස් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ප්‍රථමයෙන් ලකුණු පුවරුව  ක්‍රියාත්මක කිරීමට සමත්වූ අතර එහි ප්‍රවර්තය සෞම්‍යවිජේසිරි විසින් සාර්ථක කර ගන්නා විට ලකුණු පුවරුව 7-0 ක් වශයෙන් ධර්මරාජ විදුහල ඉදිරියෙන් විය.

25 වැනි විනාඩියේදී පන්දුව සියතට ගත් ශාන්ත අන්තෝනි විදුහලේ ශශික විජේවර්ධනගෝල කණු ආසන්නයේම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය දිනුක ඒකනායක විසින් සාර්ථක කරගන්නා විට ලකුණු තත්වය 07 – 07 වශයෙන් දෙපිලම සම මටිටමේ විය.

ඉන් විනාඩි 5කට පසුපන්දුව සුරතට ගත් සාන්ත අන්තෝනි විදුහලේපසු පෙළ ක්‍රීඩක ටි. එස්. වසීම් ප්‍රතිවාදි ක්‍රීඩකයන් මගහැර  මීටර 20 ක් පමණ තනිව දිවගොස් පැති කොඩි කණු ආසන්නයේ ඉතා දර්ශනීය උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනයද දිනූෂ ඒකනායක විසින්සාර්ථක කර ගන්නා ලදි. ඒ සමගම ප්‍රථම අර්ධය නිමා වූ අතරඒ වන විටලකුණු 14 – 07 ක්වශයෙන් අන්තෝනි විදුහල ඉදිරියෙන් විය .

දෙවැනි අර්ධය ආරම්භ වි හය වැනි විනාඩියේදී ධර්මරාජ ක්‍රීඩකයන් සියලු දෙනා ප්‍රතිවාදී ලකුණු සීමාවට තල්ලු වී ගොස් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර සෞම්‍ය විජේසිරි විසින් වාර්තා කරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ඔහු විසින්ම සාර්ථක කර ගන්නා විටලකුණු තත්ත්වය 14 – 14 වශයෙන් සමවිය.

ඉන් විනාඩි කීපයකට පසු ධර්මරාජ විදුහලට මීටර 40 සීමාවේ සිට ලැබුණ දඬුවම් පහරක් මග හැරී ගිය අතර 19 වැනි විනාඩියේදී ශාන්ත අන්තෝනි විදුහලේ ඩී.ටි.. ඒකනායක ක්‍රීඩකයා විසින් ධර්මරාජ ලකුණු සීමාව ආක්‍රමණය කළ අතර එහි ප්‍රවර්තනයද ඔහු විසින් ම සාර්ථක කර ගන්නා ලදී.

එවිට ලකුණු තත්වය 21 – 14 ක්වශයෙන් අන්තෝනි විදුහල ඉදිරියෙන් විය. 23 වැනි විනාඩියේදී ශාන්ත අන්තෝනි විදුහලට මීටර 40 සීමාවේ සිට ලද දඬුවම් පහරක් සාර්ථකව ගෝල කණු අතරින් මුදා හැරීමට දිනූෂ ඒකනායක සමත් වන විට ලකුණු 24 – 14 වශයෙන් අන්තෝනි විදුහල ඉදිරියටපැමිණි අතර තරඟය නිමා වීමට මොහොතක් තිබියදී ධර්මරාජ විදුහලේ තේනුක වික්‍රමසිංහ විසින් ගෝල කණුව ආසන්නයේ ම උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සෞම්‍ය විජේසිරි විසින් සාර්ථක කර ගන්නවාත් සමඟම තරඟයේ අවසන් නලා හඬ නිකුත් වූ අතර ඒ වන විටලකුණු 24 – 21 ක්වශයෙන් සාන්ත අන්තෝනි විදුහල ජය වාර්තා කර තිබුණි.
 

(ෂේන් සෙනෙවිරත්න)


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.