Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.‍ජෝශප් ක්‍රීඩකයෝ 20-14 කින් විද්‍යා පරදවති

ශා.‍ජෝශප් ක්‍රීඩකයෝ 20-14 කින් විද්‍යා පරදවති

ශනුක අරවින්ද - 2019 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය (2019) ආරම්භ කරමින් ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (28) පස්වරුවේ පැවැති තරගයේදී ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 20-14 කින් ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පරාජය කිරීමට සමත් වූහ.

ජයග්‍රාහි ශාන්ත ජෝශප් විදුහල පිල ගෝලයකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය. විද්‍යා විද්‍යාලය උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර තුනකින් ලකුණු ලැබීය.

ශාන්ත ජෝශප් විදුහල් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-9 ක් ලෙස පෙරමුණේ පසුවිය.

ශාන්ත ජෝශප් විදුහලට නායක තරිඳු ද අල්විස් උත්සාහක දිනුම් දෙකක් ද, තරින්ද මධුරංග උත්සාහක දිනුමක් ද, සම්පූර්ණ කිරීමට සමත් වූහ. සන්තුෂ් අල්ගම ගෝල ප්‍රවර්ථන සහ දඩුවම් පහර සාර්ථක කළේය.

තරුෂ ධනංජය, විද්‍යා විද්‍යාලයට එකම උත්සාහක දිනුම එකතු කළේය. හසරංග මුදලිගේ සහ ආකාෂ් මධුෂංඛ දඩුවම් පහර සාර්ථක කළහ.

- 048


අදහස් (0)

ශා.‍ජෝශප් ක්‍රීඩකයෝ 20-14 කින් විද්‍යා පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.