Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.සෙබස්තියන් - ශා.පීතර ‘සුපර් ඩෑඩ්’ අවසන් තරගයට

ශා.සෙබස්තියන් - ශා.පීතර ‘සුපර් ඩෑඩ්’ අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘මගේ තාත්තා මගේ වීරයා’ යන තේමාව යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඔවුන්ගේ පාසල් නියෝජනය කරමින් පැවැත්වෙන ‘මයි ඩැඞ් මයි සුපර්ස්ටාර්’ ක්‍රිකට් තරගාවලියේ ‘සුපර් ඩෑඞ් කුසලාන’ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයත් අද (6 වැනිදා) සමත්විය.

‘සුපර් ඩෑඩ් කුසලාන’ සඳහා සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරග වලදී ඒකාබද්ධ කණ්ඩායමට එරෙහිව ලකුණු 29 ක ජයක් හිමිකර ගැනීමට ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්වූ අතර ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 44 ක ජයක් හිමිකර ගැනීමට ශාන්ත පීතර විද්‍යාලය සමත්විය.

‘චැම්පියන්ස් ඩෑඞ් කුසලාන’ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත්විය.

සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයකදී කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට වේල්ස් කුමර විද්‍යාලයත් බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අනෙක් අවසන් පූර්ව තරගයේදී මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලයට එරෙහිව ලකුණු 23 ක ජයක් හිමිකර ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයත් සමත්විය.

‘චැලේන්ජර්ස් ඩෑඩ් කුසලාන’ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය සමත්විය.

බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයකදී කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 62 ක ජයක් හිමිකර ගැනීමට ආනන්ද විද්‍යාලය සමත්වූ අතර ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයට එරෙහිව ලකුණු 24 ක ජයක් හිමිකර ගැනීමට නාලන්දා විද්‍යාලයත් සමත්විය.

මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ මහින්ද හලන්නාගොඩ සමත්වූ අතර ඒකාබද්ධ කණ්ඩායමට එරෙහිව ඕවර 3 ක් යවමින් ලකුණු 22 කට කඩුලු 5 ක් දවාගැනීමට මොරටුව සාන්ත සෙබස්තියන් පිලේ දිනේෂ් සෙනෙවිරත්න සමත්විය.
මෙම තරගාවලියේ සියලුම තරග ඕවර 15 තරග ලෙස පැවැත්වේ.+

අවසන් මහා තරග මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී හෙට (7 වැනිදා) පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.

 


අදහස් (0)

ශා.සෙබස්තියන් - ශා.පීතර ‘සුපර් ඩෑඩ්’ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.