Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.ජෝෂප් විදුහලේ මුදිතගෙන් තවත් ශතකයක්

ශා.ජෝෂප් විදුහලේ මුදිතගෙන් තවත් ශතකයක්

editorial - 2020 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල අතර ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

ඩී.එස්. සේනානායක විදුහලේ මුදිත ලක්ෂාන් පළමු ඉනිමේදී ලකුණු 77 ක්ද, දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 114 ක්ද රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.

ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 53.2 කදී සියලු දෙනා දැවී 159
(මුදිත ලක්ෂාන් 77, චමත් යටවර 41, දුනිත් වෙල්ලාලගේ 34/3, ශාලින්ද සෙනෙවිරත්න 15/2, අශාන් ද අල්විස් 25/2)

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 59.3 කදී සියලු දෙනා දැවී 258
(දිනෙත් ජයකොඩි 57, නීරංග තෙනුර 41, දිනාල් අනුරාධ 37, ජොහාන් ද සිල්වා 34, දුනිත් වෙල්ලාලගේ 22, චමත් යටවර 47/3, මනේන්ද්‍ර ජයතිලක 27/2, මුදිත ලක්ෂාන් 63/2)

ඩී.එස්. සේනානායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 73 කදී කඩුලු 5 ක් දැවී 220
(මුදිත ලක්ෂාන් නොදැවී 114, මනේන්ද්‍ර ජයතිලක නොදැවී 24, ටිරොන් බාස්කර් 23, අභිෂේක් ලියනාරච්චි 21, ශාලින්ද සෙනෙවිරත්න 25/2)

-036


අදහස් (0)

ශා.ජෝෂප් විදුහලේ මුදිතගෙන් තවත් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.