Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ජෝශප් පිල ත්‍රිත්ව පරදවයි

ශා. ජෝශප් පිල ත්‍රිත්ව පරදවයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතියේ තරග ආරම්භ කරමින් හැව්ලොක්ස් පිටියේදී අද (22) පස්වරුවේ පැවැති තරගයේදී මරදාන ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 37-19 කින් මහනුවර කිංග්ස්වුඞ් විදුහල පරාජය කිරීමට සමත් වූහ.

ශාන්ත ජෝශප් විදුහල මෙවර තරගාවලියේ පිට පිටම ලැබූ සිවුවැනි ජය මෙය වීම කැපී පෙනේ.

ජයග්‍රාහි ශාන්ත ජෝශප් විදුහල පිල ගෝල තුනකින්, උත්සාහක දිනුම් දෙකකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු රැස්කරමින් අතරේක ප්‍රසාද ලකුණු ද හිමිකරගත්තේය. ත්‍රිත්ව විදුහලට ගෝල දෙකකින් සහ උත්සාහක දිනමකින් ලකුණු එකතු විය.  

ශාන්ත ජෝශප් විදුහල පිල තරගය ආරම්භයේ සිටම ත්‍රිත්ව විදුහල් පිල පාලන කිරීමේ ප්‍රතිඵලයෙන් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 25-7 ක් ලෙස පෙරමුණ ගත්තේය.  

- 048

 


අදහස් (0)

ශා. ජෝශප් පිල ත්‍රිත්ව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.