Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවේ මුල්ම ක්‍රීඩා තරග ඉංග්‍රීසි බසින්

ශ්‍රී ලංකාවේ මුල්ම ක්‍රීඩා තරග ඉංග්‍රීසි බසින්

editorial - 2021 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ප්‍රවීණතම ක්‍රීඩා ග්‍රන්ථ රචකයකු හා ක්‍රීඩා විචාරකයකු වන ලලිත් ගුණවර්ධන මහතා විසින් රචනා කරන ලද ‘ද ෆස්ට් ස්පෝට්ස් කම්පෙටිෂන්ස් ඔෆ් සිලෝන්’ (ශ්‍රී ලංකාවේ මුල්ම ක්‍රීඩා තරග) ඉංග්‍රීසි ග්‍රන්ථය පසුගියදා එළිදක්වන ලදි. ලලිත් ගුණවර්ධන මහතා විසින් එහි මුල් පිටපත ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා වෙත පිරිනමන ලදි.

බ්‍රිතාන්‍යයන් විසින් මෙරටට ක්‍රීඩා ඉසව් හඳුන්වාදීම සම්බන්ධයෙන් වූ සිදුවීම් රැසක් මෙම ඉංග්‍රීසි ක්‍රීඩා ග්‍රන්ථයට ඇතුළත්ය.

ක්‍රීඩා ප්‍රභා සම්මානයෙන් පිදුම් ලැබූ ගුණවර්ධන මහතා සිංහල හා ඉංග්‍රීසි ක්‍රීඩා ග්‍රන්ථ 100 කට ආසන්න ගණනක් මේ වනවිට සම්පාදනය කර තිබේ. ඔහුගේ නවතම ග්‍රන්ථය ජාතික ඔලිම්පික් කමිටුව විසින් ප්‍රකාශයට පත්කරන ලද්දකි.


- 223


අදහස් (0)

ශ්‍රී ලංකාවේ මුල්ම ක්‍රීඩා තරග ඉංග්‍රීසි බසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.