Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක් පමණයි

ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක් පමණයි

රොෂාන් ගුණරත්න - 2021 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අබුඩාබිහිදී පැවැත්වෙන දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට ක්‍රීඩකයින් 3 දෙදෙනකුට පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර හිමිවී ඇත. ඒ අනුව බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කරමින් මතීෂ පතිරණත්, නොදර්න් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරමින් මහේෂ් තීක්‍ෂණ සහ ධනංජය ලක්ෂාන් දෙදෙනාත් අබුඩාබිහිදී පැවැත්වෙන දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙති.

මේ මස 28 වැනිදා සිට පෙබරවාරී 6 වැනිදා දක්වා පැවැත්විමට නියමිතව ඇති අබුඩාබි දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දැනට ජාතික කණ්ඩායමේ සිටින සහ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයෝ 15 ක් පමණ සහභාගිවීමට නියමිතව සිටියහ. එහෙත් මේ වනවිට ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් විවිධ ආබාධයන්ට ලක්වීම හේතුවෙන් මෙන්ම ඉදිරියේදී පැවැත්වෙන අන්තර්ජාතික තරග වෙනුවෙන් ඔවුන් සූදානම් කිරීම සඳහා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන් විදේශීය ක්‍රීඩා සමාජ තරගාවලි සඳහා නිදහස් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

මෙම වසර ශ්‍රී ලංකා කණ්ඩායමට අවිවේකී වසරක් වන අතර මේ වසර තුලදී තවත් ටෙස්ට් තරග 6 කට, එක්දින තරග 15 කට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 12 කට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. ඊට අමතරව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියද මේ වසරේදී පැවැත්වේ.

ඊට අමරතව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ දහයයි10 තරගාවලියක්ද මෙම වසරේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සූදානම් කරමින් සිටී.

එංගලන්ත ටෙස්ට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්හි තරග සංචාරයක ද නිරත වීමට නියමිත අතර එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මාසයේ දෙවැනි සතියේදී පිටත්ව යාමට නියමිතය.

ප්‍රථම වරට පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ජයග්‍රහණය හිමිකරගත් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ තිළිණ කණ්ඩම්බි මහතා, මෙවර සිව්වැනි වරටත් අබුඩාබිහිදී පැවැත්වෙන දහයයි10 ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන බංග්ලා ටයිගර්ස් පිලේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් තෝරාගෙන ඇත.

මින් පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර මහතා අබුඩාබිහිදී පැවැත්වෙන දහයයි10 තරගාවලියේදී අබුඩාබි කණ්ඩායමේ උපදේශකවරයා ලෙස පත්කර ඇත.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක් පමණයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.