Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක්

ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක්

නාමල් පතිරගේ - 2019 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ චොන්ග්චින්ග් නුවරදී අද (4 වැනිදා) පැවති ආසියානු  ගෝන්- ප්‍රී මලල ක්‍රිඩා තරග මාලාවේ පළමු වැනි අදියරට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවෝ රිදි පදක්කම් හා  ලෝකඩ පදක්කම් දෙකක් බැගින් දිනා ගත්හ.

එහිදී මීටර 400 (කාන්තා) ඉසව්වෙන් නදිෂා රාමනායක (තත්පර 53.24) දෙවැනි ස්ථානය ලැබුවාය. ශ්‍රී ලංකාවට තවත් රීදි පදක්කමක් නිමාලි ලියනාරච්චි දිනා දුන්නේ මීටර 800 කාන්තා ඉසව්ව (වි 2:03.17) නිමා කරමිනි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිඩික ගයන්තිකා අබේරත්න තෙවැනි තැනට පත්වුයේ විනාඩි 2 තත්ත්පර 03.59 ක කාලයක් ගෙවමිනි.

හෙල්ල විසි කිරිමේ ශ්‍රී ලංකා ක්‍රිඩක සුමේධ රණසිංහ මීටර් 76.92 කට ඊයේ ලෝකඩ පදක්කමක් ලබාගත් අනෙක් ශ්‍රී  ලංකා ක්‍රීඩකයායි.

ආසියානු ගෝන්-ප්‍රි මලල ක්‍රිඩා පළමු අදියර තරගයට සහභාගි වූ අජිත් ප්‍රේමකුමාර (මිටර 400) සිව්වැනි (තත්ත්පර 46.69) ස්ථානයද, තුන් පිම්ම ක්‍රිඩක ග්‍රේෂන් ධනංජය හයවැනි  ස්ථානයද (මිටර් 16.02) මිටර 800 ක්‍රිඩක රුසිරු තරග චතුරංග  හයවැනි ස්ථානයද (විනාඩි 1 තත්ත්පර 56.27) යගුලිය විසිකිරීමේ ක්‍රිඩිකා තාරිකා ප්‍රනාන්දු පස්වැනි ස්ථානයද (මිටර 14.28) හා උස පැනිමේ ක්‍රිඩිකා දුලංජලි රණසිංහ හත් වැනි ස්ථානයද(මිටර 1.70) ලැබුහ.

පසුගිය අප්‍රේල් මාසයේදි කටාරයේදි නිමාවට පත්වූ 22 වැනි ආසියානු මලල ක්‍රිඩා ශූරතාවලියට සහභාගිවූ සුමේධ රණසිංහගේ හෙල්ල විසි කිරිමේ දක්‍ෂතාව මිටර 73.50කට සිමාවිය.

තරගාවලියේ දෙවැනි අදියර ලබන සිකුරාදා ‘චොන්ග්චින්ග්’ නුවරදී පැවැත්වීමට නියමිතය.

ගෝන් ප්‍රි  මලල ක්‍රිඩා තරගවල ජයග්‍රාහකයන්ට ඩොලර් 1500 ක්, ඩොලර් 800 ක් සහ ඩොලර් 500 ක් බැගින් ප්‍රදානය කෙරේ.
 


අදහස් (0)

ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.