Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 3 ක්

ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 3 ක්

editorial - 2019 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්වීඩනයේ බොරාස් නුවරදී පැවැති ‘කිං ඔෆ් ද රිං’ ජාත්‍යන්තර බොක්සිං ශූරතාවලියේදී රිදී පදක්කම් 3 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකාව නියොජ්නය කරමින් ක්‍රීඩකයන් 7 දෙනෙක් මෙම තරගාවලියට සහභාගි වූ අතර එහිදී ඔවුහු කනිෂ්ට, යොවුන් සහ ජ්‍යෙෂ්ඨ ලෙස කාණ්ඩ 3 ක් යටතේ තරග වැදුණහ.

අටාබ් මන්සිල්

යොවුන් කාණ්ඩයේ කිලෝ ග්‍රෑම් 81 බර පංතිය යටතේ තරග වැදුණ යාපනය හාර්ට්ලි විදුහලේ වික්නේෂ්වර්න් සනූජන් එහි අවසන් මහ තරගයේදී ස්වීඩන ක්‍රීඩකයකු හමුවේ පරාජයට පත් විය. කිලෝ ග්‍රෑම් 52 බර පංතිය යටතේ තරග වැදුණ මහනුවර විද්‍යාර්ථ විදුහලේ ඉසුරු හංසජ එහි අවසන් මහ තරගයේදී පරාජයට පත් වූයේ අයර්ලන්තයේ රයන් ඩූන් හමුවේය. ඔවුන් දෙදෙනාම රිදී පදක්කම් හිමිකර ගත්හ.

කනිෂ්ඨ කාණ්ඩයේ කිලෝ ග්‍රෑම් 50 බර පංතිය යටතේ තරගාවලියට සහභාගි වූ මහනුවර ත්‍රිත්ව විදුහලේ අටාබ් මන්සිල්ටද එහි අවසන් මහ තරගයේදී ජෝර්දානයේ අබ්දුල්ලා මිරාට් හමුවේ පරාජය වීම හේතුවෙන් රිදී පදක්කමකින් සෑහීමකට පත්වීමට සිදුවිය.

ලොව පුරා රටවල් 19 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 460 ක් පමණ මෙම තරගාවලියට සහභාගි වූ අතර ඊට සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් දෙව්මින හෙට්ටිආරච්චි සහ ප්‍රසාද් මානතුංග ඔවුන් නියොජ්නය කළ බර පංතිවල අවසන් පූර්ව වට දක්වා පැමිණියහ.

 

හංසජ සහ සනුජාන් පුහුණුකරු සමග ....

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.