Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

editorial - 2019 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩුබායිහීදී පැවැත්වෙන පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩයම සමත් විය. අවසන් තරගාවලියේ ටී42/ටී63 පිරිමි උස පැනීමේ ඉසව්වට සහභාගි වූ බුද්ධික ඉන්ද්‍රපාල මීටර් 1.55 ක උසක් පනිමින් රිදී පදක්කම දිනා ගත්තේය.

යුක්රේනයේ ඉහෝර් ටෙස්විටෝ විසින් ඔහුගේම ටී 35 මීටර් 100 ලෝක වාර්තාව බිඳ දැමීමට සමත් විය. ඔහු සිය කාලයෙන් 0.03 ක් අඩුවෙන් මෙවර සිය ඉසව්ව නිම කළේය. එෆ් 40 යගුලිය විසි කිරීමේ ඉසව්වේදී රුසියාවේ ඩෙනිස් නෙස්ඩිලොව් විසින් ගරා ටනායිෂ්ගේ ලෝක වාර්තාව මීටර 10.88 ක් ලෙස සම කළ අතර එය රුසියානුවන්ට දැවැන්ත ජයග්‍රහණයක් විය.

කාන්තා එෆ් 51/එෆ් 53 කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේදී යුක්රේනයේ සෝයා ඕව්සි තවත් ලෝක වාර්තාවක් තැබුවාය. එෆ් 1 පන්තියෙන් තරග වැදුන ඇය දෙවන වටයේදී මීටර් 13.52  ලෝක වාර්තාවක් තැබීමට සමත් වූවාය.

නව ලෝක වාර්තාවක් සමග බ්‍රසීලයේ සිසෙරෝ ලින්ස් නොබ්‍රේ පිරිමි  එෆ් 57 හෙල්ල විසි කිරීමේ  ඉසව්ව ජයග්‍රහණය කළේය. මීට පෙර  ලෝක වාර්තාව තැබූ ඉරානයේ අමනෝලා පැපී දෙවන ස්ථානයට පත්වූ අතර බ්‍රසීල ක්‍රීඩකයාගේ හෙල්ල විසි කිරීමේ දුර මීටර 49.26 කි.

කාගෙත් අවධානය දිනාගත් තරග ඉසව්ව වූයේ සහයෝගිතා සහය දිවීමය. සහයෝගිතා සහය දිවීමේ ඉසව්ව සඳහා විවිධ ආබාධිත පංති සඳහා වන තරග අවලංගු කර ඇති අතර, එමගින් එක් කණ්ඩායමක පිරිමි දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු දුර්වලතා වර්ගීකරණ පරාසයන් ඔස්සේ තරග වදිති.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.