Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව පළඟ ශූරතාව දිනයි

ශ්‍රී ලංකාව පළඟ ශූරතාව දිනයි

editorial - 2019 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාව ආරම්භ කරමින් දකුණු කොරියාවේදී අද (01) අවසන් වූ පළමු තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළඟ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ පස්වැනි ස්ථානයට පත්විය.
 
ශ්‍රී ලංකා පිල ඊයේ පස්වරුවේ සහභාගි වූ පළඟ ශූරතාව අවසන් තරගයේදී ලකුණු 21--14 කින් පිලිපීනය පරාජය කිරීමට සමත් විය. ජනිඳු ඩිල්ෂාන් සහ රීසා රෆයිඩීන් දෙවැනි අර්ධයේ ශ්‍රී ලංකා පිලට එකතු කළ උත්සාහක දිනුම් දෙක කෙවින් ඩික්සන් ගෝල බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු සංඛ්‍යාව 21 ක් බවට පත්විය.  
ශ්‍රී ලංකා පිලට පළමු අර්ධයේදී කෙවින් ඩික්සන් සම්පූර්ණ කළ ගෝලයත් සමඟ පළමු අර්ධය අවසන් වන විට දෙපිල ලකුණු 7-7 ක් ලෙස සම තත්ත්වයේ පසුවිය.

ශ්‍රී ලංකා පිල පළඟ ශූරතා අවසන් පූර්ව තරගයේදී ලකුණු 42-0 කින් චීන තායිපේ පිල පරාජය කළේය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු වටයේ තරග තුනේදී චීනය ලකුණු 17-14 කින් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය ලකුණු 21-17 කින් පරාජය කළ අතර ජපානය හමුවේ 43-5 කින් පරාජය විය.

- 048


අදහස් (0)

ශ්‍රී ලංකාව පළඟ ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.