Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේදී පැවැත්වෙන සාෆ් පාපන්දු තරගාවලියේදී ඉන්දියාව හමුවේ ගෝල 5 - 0 කින් පරාජය වුවද ගෝල 2 - 0 ක් ලෙසින් මූලික වටයේ පළමු තරගයෙන් මාලදිවයින පරාජයට පත් කළ ශ්‍රී ලංකාව සාෆ් කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. මෙම තරගය ලබන බදාදා (20) පැවැත්වෙයි.

සත්කාරක නේපාලයට එරෙහිව තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකාව තරග වදියි. දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව හා බංග්ලාදේශය අතර එදිනම පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට කැඳවාගෙන ආ මාලදිවයිනට එරෙහිව තරගයට උරදුන් මාලනි කුමාරි ඒකනායක 40 වැනි හා 50 එහි විනාඩි වලදී ගෝල දෙකක් වාර්තා කරමින් දස්කම් දැක්වූවාය.
තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන සිකුරාදා (22) ය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.