Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව - පාකිස්තානය අතර තරගය හෙට

ශ්‍රී ලංකාව - පාකිස්තානය අතර තරගය හෙට

editorial - 2019 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායම දොළොස්වැනි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සහභාගි වන තෙවැනි තරගය පාකිස්තානු පිලට එරෙහිව බි්‍රස්ටල්හිදී හෙට (07) පැවැත්වේ. 

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 11 වැනි තරගය වන මෙම තරගය (දිවා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී ඇෆ්ගනිස්තානය පරාජය කරමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානයේ පසුවෙයි. පාකිස්තානය දෙවැනි තරගයේදී සත්කාරක එංගලන්ත පිල පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ අටවැනි ස්ථානයේ සිටියි. 

ශ්‍රී ලංකාව පළමු තරගයේදී නවසීලන්තය හමුවේ ලකුණු 136 කට දැවී ගිය අතර පාකිස්තානය පළමු තරගයේදී බටහිර ඉන්දී කොදෙව් පිල හමුවේ ලකුණු 105 කට සීමාවිය. 

ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා තරග දෙපිල සහභාගි වූ තරග දෙක දෙස බැලීමේදී කණ්ඩායම් දෙක අතර විශාල වෙනසක් දැකිය නොහැක. 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වසර දෙකට ආසන්න කාලයකින් එක්දින තරගයක් පවත්වා නොමැති අතර අවසන් තරගය 2017 වසරේ ඔක්තෝබර් මස සාජා ක්‍රීඩාංගණයේදී පවත්වා තිබේ. 

උපුල් තරංගගේ නායකත්වයෙන් එම අවසන් තරගයට සහභාගි වූ ක්‍රීඩකයන් සිවුදෙනකු පමණක් අද තරගයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිති. ළහිරු තිරිමාන්න, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා සහ ජෙෆ්රි වැන්ඩසේ එම සිවුදෙනා වෙති.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබා දැවී යෑම දැඩි පාඩුවක් බවට පත්වූ අතර මෙම තරගයේදී මැතිව්සගේ සාර්ථකත්වය අනිවාර්ය සාධකයක් බවට පත්ව තිබේ. 

 එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැති මෙම තරගාවලිය පාකිස්තානය 5-0 කින් ජය ලැබීය. 

 සෆ්රාස් අහ්මඞ්ගේ නායකත්වයෙන් එම තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් 10 ක් පමණ අද තරගයට සහභාගි වන පාකිස්තානු සංචිතයට ඇතුළත්ව සිටීම අභියෝගයකි. 

මොහොමඞ් හෆීෂ්, ෂොයිබ් මලික් සහ නායක සෆ්රාස් අහ්මඞ් මෙවර පාකිස්තානු පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් වන අතර එම තිදෙනාම ශ්‍රී ලංකාවට එරෙහිව වඩාත් සාර්ථක පිතිකරුවෝ වෙති.  

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින ක්‍රිකට් ඉතිහාසය 1975 වසර දක්වා දිවයන අතර එම වසර 44 කට කාලය තුළ දෙරට අතර එක්දින තරග 153 ක් පවත්වා තිබේ. 

එහිදී පාකිස්තානය තරග 90 ක් ද, ශ්‍රී ලංකාව තරග 58 ක් ද, ජය ලබා ඇති අතර එහිදී තරගයක් සම අවසන් වී තරග 4 ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.  

ශ්‍රී ලංකා සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස්

පාකිස්තානු සංචිතය: 
සෆ්රාස් අහ්මඞ් (නායක) ඉමාම් උල් හක්, ෆකාර් සමාන්, බාබර් අසාම්, හරිස් සොහෙල්, මොහොමඞ් හෆීස්, ඉමාඞ් වසීම්, ශදාබ් ඛාන්, මොහොමඞ් අමීර්, හසන් අලී, වහබ් රියාස්, අබීද් අලී, ශහීන් අෆ්රිඩි, ජුනයිඞ් ඛාන් සහ ෆහීම් අෂ්රාෆ් 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව - පාකිස්තානය අතර තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.