Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
භානුක රාජපක්ෂගේ (110) ශතකය හමුවේ සත්කාරක ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හුබ්ලිහිදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය, තෙවැනි දිනය (2 වැනිදා) සඳහා නතර කරන විට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 210 ක් ලබා සිටියේය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 430 ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට තරගයේ අවසන් දිනය වන හෙට දිනයේදී තවත් ලකුණු 220 ක් රැස්කිරීමට සිදුවනු ඇත. කමිඳු මෙන්ඩිස් ලකුණු 33 ක් සහ ලක්ෂාන් සඳකැන් ලකුණු 2 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වනවිට හුදකලා සටනක නිරතවූ භානුක රාජපක්ෂ එක්දින තරගයක ආකාරයට පන්දුවට පහරදෙමින් පන්දු 112 කදී ලකුණු 110 ක් රැස්කිරීමට සමත්විය. හයේ පහර 3 කින් සහ හතරේ පහර 17 කින් භානුක රාජපක්ෂගේ ඉනිම අලංකාර විය.
මැදපෙළ පිතිකරුවන්ද අසාර්ථක වනවිට තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පන්දු 44 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 33 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමේ බලාපොරොත්තුවෙන් කඩුල්ලේ රැඳී සිටින්නේය.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වන රාහුල් චහර් ලකුණු 73 කට කඩුලු 3 ක් සහ ශිවම් ඩුබේ ලකුණු 25 කට කඩුලු 2 ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්වූහ.
දෙවැනි දිනට ඊයේ (1 වැනිදා) තරගය අවසන් කරනවිට සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 216 කට කඩුලු 6 ක් අහිමිකර ගෙන සිටි ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අද සියලුදෙනා දැවී ලකුණු 372 ක් රැස්කිරීමට සමත්විය.
පසුපෙළ පිතිකරුවන්වූ රාහුල් චහර් සහ ජයන්ත් යාදව් අර්ධ ශතක ලබාගනිමින් 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 123 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉන්දීය ‘ඒ’ ඉනිම ලකුණු 350 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.
රාහුල් චහර් පන්දු 109 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 84 ක් රැස්කළ අතර ජයන්ත් යාදව් පන්දු 96 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 53 ක් රැස්කිරීමට සමත්විය.
විශ්ව ප්‍රනාන්දු සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්වූහ.
ඉන්දීය ‘ඒ’ පළමු ඉනිම - සියලුදෙනා දැවී 269
(ශ්‍රීකාර් භාරත් 117, අන්මෝල්ප්‍රීට් සිං 65, සිද්ධේෂ් ලැඞ් 32, රාහුල් චහර් 21, ළහිරු කුමාර 53/4, ලක්ෂාන් සඳකැන් 64/4)
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - සියලුදෙනා දැවී 212
(භානුක රාජපක්ෂ 18, අෂාන් ප්‍රියන්ජන් 19, නිරෝෂන් දික්වැල්ල 39, ප්‍රියමාල් පෙරේරා 36, කමිඳු මෙන්ඩිස් 68, ජයන්ත් යාදව් 24/3, සංදීප් වොරියර් 32/2, ශිවම් ඩුබේ 44/2)
ඉන්දීය ‘ඒ’ දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 372
(අන්මෝල්ප්‍රීට් සිං 60, සිද්ධේෂ් ලැඞ් 58, ශ්‍රීකාර් භාරත් 60, රාහුල් චහර් 84, ජයන්ත් යාදව් 53, විශ්ව ප්‍රනාන්දු 68/3, ලක්ෂාන් සඳකැන් 87/3)
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 210
(භානුක රාජපක්ෂ 110, කමිඳු මෙන්ඩිස් නොදැවී 33, රාහුල් චහර් 73/3, ශිවම් ඩුබේ 25/2)
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.