Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා ‘ඒ’ පිල අසීරු අඩියක

ශ්‍රී ලංකා ‘ඒ’ පිල අසීරු අඩියක

editorial - 2019 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අතර බෙලගාවිහිදී පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (26 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 83 කට කඩුලු 4 ක් බිඳවැටී ඉතා අසීරු තත්වයකට පත්ව සිටියේය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තවත් කඩුලු 6 ක් අතැතිව ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට වඩා ලකුණු 539 ක් පසුපසින් සිටී. දිනය නිමාවන විට නායක අෂාන් ප්‍රියන්ජන් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 22 ක්ද, නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 22 ක්ද රැස්කරමින් කඩුල්ලේ රැදී සිටියහ.

ආරම්භක පිතිකරු සංගීත් කුරේ (0) ලකුණු ලබාගැනීමටත් පෙර ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සංදීප් වෝරියර් සමත් විය. මුලු ලකුණු සංඛ්‍යාව 18 ක්ව තිබියදී පිට පිටම යැවූ පන්දු දෙකකින් පැතුම් නිස්සංක (6) සහ භානුක රාජපක්ෂ දවාගැනීමට ශිවම් ඩූබ් සමත් වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අසීරු තත්වයකට පත්විය.  

ඉන් අනතුරුව පිටියට පිවිසි අෂාන් ප්‍රියන්ජන් (නොදැවී 22) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සධීර සමරවික්‍රම සමත් වුවද, සංදීප් වොරියර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් සධීර දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පන්දුවට පහර දුන් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 622 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. එහිදී ද්විත්ව ශතකයක් ලබාගැනීමට අභිමන්‍යු ඊශ්වරන් (223) සමත් වූ අතර ඔහුගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 22 කින් සමන්විත විය.

නායක ප්‍රියන්ක් පන්චාල් (160) සමග එක්ව ඉන්දීය ‘ඒ’ ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 352 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඊශ්වරන් සමත් වූ අතර පන්චාල්ගේ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් අන්තර්ගත විය.

ඉන්දීය ‘ඒ’ ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි අන්මෝල්ප්‍රීත් සිං (නොදැවී 116), පස්වැනි කඩුල්ල වෙනුවෙන් සිද්ධේෂ් ලාද් (76) සමග එක්ව ලකුණු 147 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩයමේ ලකුණු සංඛ්‍යාව 600 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය.


ඉන්දීය ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 622
(ප්‍රියන්ක් පන්චාල් 160, අභිමන්‍යු ඊෂ්වරන් 223, අන්මෝල්ප්‍රීත් සිං නොදැවී 116, සිද්ධේෂ් ලාද් 76, විශ්ව ප්‍රනාන්දු 83/2)

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 83  
(සධීර සමරවික්‍රම 31, අෂාන් ප්‍රියන්ජන් නොදැවී 22, නිරෝෂන් දික්වැල්ල නොදැවී 22, ශිවම් ඩූබ් 11/2, සන්දීප් වොරියර් 30/2)


-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.