Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා යෞවනයන්ට ආසියාවේ 10 වැනි තැන

ශ්‍රී ලංකා යෞවනයන්ට ආසියාවේ 10 වැනි තැන

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉරානයේ අඩාබිල් නුවරදී පැවැති වයස 23 න් පහළ ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලියේ ඉකුත්දා පැවැති තීර්ණාත්මක තරගයකදී උස්බෙකිස්තානය හමුවේ වට 3-0 ක් ලෙස පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවට එහි 10 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

තරගාවලියේ 9 වැනි සහ 10 වැනි ස්ථාන තෝරාගැනීම සඳහා පැවැති මෙම තරගයේදී ලකුණු 25-23 ක්, 25-21 ක් සහ 25-21 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කිරීමට උස්බෙකිස්තානය සමත් විය. එම ජයත් සමගින් ඔවුන් තරගාවලියේ 9 වැනි ස්ථානයට පත්විය.

මින් පෙර මූලික වටයේ පැවැති තරගයකදී වට 3-2 ක් ලෙස උස්බෙකිස්තානය හමුවේ ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත්, මෙම තරගයේදී උස්බෙකිස්තානයට එරෙහිව එක් වටයක් හෝ ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අපොහොසත් වීම කැපී එහිදී පෙනෙන සිදුවීමක් විය.

ජපානය, චීන තායිපේ, ඉරානය සහ තායිලන්තය යන රටවල් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර එහිදී චීන තායිපේට එරෙහිව ජපානයත්, ඉරානයට එරෙහිව තායිලන්තයත් තරග වැදීමට නියමිතය.


- 036

 


අදහස් (0)

ශ්‍රී ලංකා යෞවනයන්ට ආසියාවේ 10 වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.