Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා පිල ලීවර්පූල් වෙත යයි

ශ්‍රී ලංකා පිල ලීවර්පූල් වෙත යයි

editorial - 2019 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පැතුම් ශ්‍රී විජේරත්න එංගලන්තයේ ලිවර්පූල්හි සිට)

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ඊයේ (08දා) ලිවර්පූල් නගරයට පැමිණි අතර ඔවුන් එදිනම සවස පුහුණුවීම් ආරම්භ කළේය.

කණ්ඩායම් 16ක් සහභාගි වන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ පෙර පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මීට සති එකහමාරකට පමණ පෙර එංගලන්තයේ ලන්ඩන් නුවරට පැමිණි අතර, එහිදී ඔවුන් විශේෂ පුහුණු සැසි කිහිපයකටද සහභාගි විය. එම පුහුණු සැසි සාර්ථකව නිම කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊයේ තරගාවලිය පැවැත්වෙන ලිවර්පූල් නගරයට පැමිනියේය. 

ලිවර්පූල් නගරයෙහි පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලිවර්පූල් නගරයෙහි ස්ථාපිත ශ්‍රී  සම්බුද්ධ විහාරයට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය. මේ සඳහා කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන්, කළමනාකාරිනි ට්‍රික්සි නානායක්කාර, පුහුණුකාරිණි තිලකා ජිනදාස, සහ වෛද්‍ය දමින්දා අත්තනායක යන මහත්මීහු එක්ව සිටියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (10දා) දිනයේද පුහුණු සැසියකට සහභාගි වීමට නියමිත අතර, ශ්‍රී ලංකා දැල්පන්දු නායිකා චතුරංගි ජයසූරිය පවසා සිටියේ තම කණ්ඩායමේ එකම උත්සාහය කෙසේ හෝ පළ්මු කණ්ඩායම් 10 අතරට පැමිණීමට බවයි. ඒ සඳහා උපරිම කැපවීමෙන් පුහුණුවීම් කළ බවත් සිම්බාබ්වේ සහ උතුරු අයර්ලන්ත කණ්ඩායම් සමග පැවැත්වෙන තරග ජයගැනීමට තම කණ්ඩායම සූදානම් බවත් එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මිය තරගාවලිය සම්බන්ධයෙන් පවසා සිටියේ තම ක්‍රීඩිකාවන් ජයග්‍රහණයට හොඳ මානසිකත්වයකින් පසුවන බවත් තරගයෙන් තරගයට සැලසුම් සකස් කරමින් ලෝක කුසලාන තරගාවලියේ ඉලක්ක සපුරා ගන්නා බවයි.

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය අනිද්දා (12දා) ලිවර්පූල්හි ආරම්භ වීමට නියමිතය. එදින ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.00 ට ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී ලංකා කන්ඩායම සහභාගි වන තරග පමණක් ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙසින් විකාශය කිරීමට නියමිතය.  


අදහස් (0)

ශ්‍රී ලංකා පිල ලීවර්පූල් වෙත යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.