Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා පාසල් වර්ණ ප්‍රදානෝත්සවය හෙට

ශ්‍රී ලංකා පාසල් වර්ණ ප්‍රදානෝත්සවය හෙට

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වසර දෙකක ජාතික හා ජාත්‍යන්තර දස්කම් ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩක වර්ණ ප්‍රදානෝත්සවය හෙට (4) පෙරවරු 8.00 සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. එහිදී සම්මාන ප්‍රදානෝත්සවය අදියර දෙකකින් පැවැත්වේ.

වසර 2016 සම්මාන ප්‍රදානෝත්සවය අද පෙරවරු 8.00 ට රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරේ. එහිදී ක්‍රීඩා ඉසව් 30කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 519 දෙනකු වර්ණ හා කුසලතා සම්මාන ලබා ගනිති.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් වසර 2017 සම්මාන උළෙල ආරම්භ වන්නේ අද පස්වරු 2.00 ට ය. එහිදී වර්ණ සම්මානයෙන් හා කුසලතා සම්මානයෙන් ඇගයීමට ලක්වන පාසල් සිසු සිසුවියන් ගණන 497 දෙනකි.

ඒ අතර වසර දෙකේම නැගී එන ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, දක්‍ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව තෝරා ගැනේ. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 23 දෙනකු නිර්දේශ වී සිටිති.

මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේදී වැඩිම සිසු සිසුවියන් ගණනක් ඇගයීමට ලක්ව ඇත්තේ රග්බි ක්‍රීඩාවෙනි. එය වසර දෙක සඳහාම 92 කි.

නෙස්ලේ (මයිලෝ නිෂ්පාදන) සමාගම මෙවරත් සම්මාන ප්‍රදානෝත්සවය සඳහා අනුග්‍රහය දක්වයි. මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදේශක (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) සුනිල් ජයවීර හා නෙස්ලේ ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ උපසභාපති බන්දුල එගොඩගේ යන මහත්වරු සහභාගී වීමට නියමිතය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා පාසල් වර්ණ ප්‍රදානෝත්සවය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.