Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා තරගයේ ප්‍රවේශපත් මිල පහළට

ශ්‍රී ලංකා තරගයේ ප්‍රවේශපත් මිල පහළට

editorial - 2019 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, එංගලන්තයේ ඩර්හැම් සිට..)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ඩර්හැම් ක්‍රීඩාංගණයේ හෙට (01) පැවැත්වෙන තරගයේ ප්‍රවේශපත් මිල පහත වැටී තිබේ.

මෙම තරගයේ අඩුම මිල ප්‍රවේශපතක් පවුම් 20 හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 4500 කට පමණ අන්තර්ජාලයෙන් වෙන්කරවා ගැනීමේ හැකියාව තිබුණි. එම ප්‍රවේශපතම ක්‍රීඩාංගණය අවට නිල නොවන මට්ටමින් ප්‍රවේශපත් අළෙවි කරන්නන්ගෙන් පවුම් 10 ත් 15 ත් අතර මිලකට ලබාගත හැකිය. එම තරගයේ ඉහළ මිල ප්‍රවේශපත පවුම් 61 ක් හෙවත් රුපියල් 13,800 ක පමණ මිලක් පැවතුණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ අඩුම ප්‍රවේශපතක් ද තරගයේ ඉනිමක් අවසන් වී තිබියදී ද පවුම් 80 ත් 100 ත් අතර මිලට අළෙවි විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන සෙනසුරාදා පැවැත්වෙන තරගයේ මිල අඩුම ප්‍රවේශපත පවුම් 143 ක් හෙවත් රුපියල් 32,500 ක පමණ මුදලට ඊයේ වන විට මිලදී ගතහැකිව තිබූ අතර ඉදිරි දින කීපයේදී මිල තව දුරටත් ඉහළ යනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

එම තරගයේ ඉහළතම මිල ප්‍රවේශපතක් පවුම් 354 ක් හෙවත් රුපියල් 80,000 කට පමණ මිලදී ගතහැකිව තිබූ අතර ඉදිරි දිනවලදී එය තව දුරටත් ඉහළ යනු ඇතැයි වාර්තා වේ.  

 

 


අදහස් (0)

ශ්‍රී ලංකා තරගයේ ප්‍රවේශපත් මිල පහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.