Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය ශක්තිය සොයයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය ශක්තිය සොයයි

යොහාන් භාසුර - 2020 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් මුදල් ඉල්ලනවාද නැද්ද තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය මූල්‍ය ශක්තිය පිළිබඳව ඇස්තමේන්තුවක් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව මීට සති දෙකකට පමණ පෙර වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවැත්වූ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමේදී කිසියම් රටක සංගමයකට ‘කොරෝනා’ වයිරස් අවදානම හේතුවෙන් මූල්‍ය ගැටලු පවතීනම් “සහන සඳහා” ඉල්ලීමක් කරන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවසා තිබේ.

“අපිට එක වරම මුදල් ඉල්ලීමට අව්‍යශතාවක් නෑ. ඒ නිසා මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය වත්කම පිළිබඳව අභ්‍යන්තර අස්තමේන්තුවක් සකස් කරමින් ඉන්නවා. එහි තත්ත්වය අනුව අයි.සී.සී. එකෙන් මුදල් ඉල්ලනවද නැද්ද තීරණ කරනවා”

“මෙහිදී වෙන්නේ අයි.සී.සී. එකෙන් අපිට ඉදිරියේදී ලැබෙන්න තියෙන මුදල් ඉක්මන් කිරීමක් පමණයි. අපිට අයි.සී.සී. එකෙන් මේ දක්වා ලැබිය යුතු මුදල් නිසිවෙලාවට ලැබී තිබෙනවා. එහෙම නැතුව අපි ණයක් ගන්න සූදානමක් නෑ” යැයි සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් සිය සාමාජික රටවල්වල සංගම්වලට වාර්ෂික අති දැවැන්ත මුදලක් ප්‍රදානය කරන අතර එම මුදල් කොටස් වශයෙන් ලබාදීම සාමාන්‍ය පටිපාටියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය මාර්තු මස ‘කොරෝනා’ වයිරසය මර්දනය කිරීමේ අරමුදලට රුපියල් ලක්‍ෂ 250 ක මුදලක්ද පරිත්‍යාග කළේය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය ශක්තිය සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.