Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා කනිෂ්ඨ සංචිතයට 84 ක්

ශ්‍රී ලංකා කනිෂ්ඨ සංචිතයට 84 ක්

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර පහකට පසුව නැවත පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමක් නිර්දේශ කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ.

තුන්වැනි වරටත් පැවත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය කලාපයේ රටවල් හතක සහභාගීත්වයෙන් ලබන මැයි 5 සහ 6 යන දිනවල කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සත්කාරය දරන්නේ දෙවැනි අවස්ථාවට වන අතර වසර 2007 පැවැති ආරම්භක තරගාවලියේ සත්කාරය දැරුවේද ශ්‍රී ලංකාවයි. දෙවැනි තරගාවලිය ඉන්දියාවේ ‘රංචි’ නුවරදී පැවැත්වුණේ 2013 වසරේදීය. එතැන් සිට තරගාවලියට සත්කාරය දැරීමට රටක් ඉදිරිපත් නොවීම නිසා තරගාවලිය නොපැවැත්විණි.

මෙවර දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් තිදෙනකු බැගින් ශ්‍රී ලංකාව නිර්දේශ කර තිබේ. ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අපේක්ෂා කළාටත් වඩා ඉහළ දස්කම් පළවීම නිසා මෙවර දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් අපේක්ෂා ඉහළ ගොස් තිබේ.

ජාතික කනිෂ්ඨ තරගාවලිය නිමාවේදී මලල ක්‍රීඩා සංගමය පළමු ජාතික තේරීම් තරගාවලිය පසුගිය සිකුරාදා හා සෙනසුරාදා සුගතදාස පිටියේදී පැවැත්වීමට මලල ක්‍රීඩා සංගමය කටයුතු කළේය. එහිදී ද මීටර් 400 කාන්තා හා පිරිමි ඉසව් ඇතුළු ඉසව් ගණනාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම්වල වර්ධනයක් පෙන්නුම් කෙරිණ.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වන රටවල කණ්ඩායම් ලබන බ්‍රහස්පතින්දා සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.


ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම

ක්‍රීඩකයෝ
මිටර් 100 සහ මීටර් 4×100:- චානුක සන්දිය (මීගමුව මාරිස්ටෙලා විදුහල), සුරාජ් දිනූෂ (මොරවක ම.වි.), වයි.සී.එම්. සෝමසිංහ (කෑගල්ල ශාන්ත මේරි විදුහල), මීටර් 200 සහ මීටර් 400 - මීටර් 4×400:- අරුණ දර්ශන (වීර කැප්පෙටිපොල ම.ම.වි), පබසර නිකූ (නාලන්ද විදුහල), මීටර් 200:- චමිඳු ප්‍රභාත් (වත්තල ලයිසියම්), මීටර් 400 - මීටර් 400 කඩුලු - මීටර් 4×400:- පී.එම්.ඩී.එල්. කොඩිකාර (කුරුණෑගල මලියදේව විදුහල), මීටර් 800 - මීටර් 4×400:- ඩී.එම්.එච්.එස්. කරුණාරත්න (වලල ඒ. රත්නායක ම.ම.වි.), මීටර් 800:- ඉසුරු ලක්‍ෂාන් (ශාන්ත පීතර විදුහල), සී. අරවින්දන් (බදුල්ල සරස්වති ම.වි.), මීටර් 1500:- පූර්ණ සඳමිත් (මාතර රාහුල), කේ.එක්.ඒ. මධුශංඛ (වලල රත්නායක - මැදි විදුහල), ධම්මික විජේසූරිය (රන්දිවෙල ම.වි.), මීටර් 5000:- එස්. කින්තුසාන් (වවුනියාව), එස්.ජී.වී. ඩෙන්සිල් (වලල ඒ රත්නායක ම.ම.වි), ගයාන් කුමාර (ගාල්ල මහින්ද විදුහල), මීටර් 110 - කඩුලු:- ජනිඳු ලක්විජය (ශාන්ත පීතර විදුහල), ෂේශාන් කාරියවසම් (ශාන්ත ජෝශප් විදුහල), ආර්.එන්. කුමාරගේ (මහනුවර ත්‍රිත්ව), මීටර් 400 - කඩුලු:- නවෝද්‍ය සංකල්ප (ගාල්ල මහින්ද), ෂේසාන් බියන්විල (මීගමුව මාරිස්ටෙලා, උස පැනීම:- තරිඳු දසුන් (ගාල්ල මහින්ද), එස්.ටී. අමරසිංහ (කොළඹ රාජකීය), කේ.ජී.සී.එල්. මෙන්ඩිස් (ගාල්ල ශාන්ත ඇලෝසියස්), දුර පැනීම:- ප්‍රමෝද් මධුශංඛ (මීගමුව මාරිස්ටෙලා), පසිඳු දුමින්ද (පාදුක්ක සිරි පියරතන), තුන් පිම්ම:- ජෙරමි ස්ටැනිස්ලියස් (ශාන්ත පීතර විදුහල), කාලිංග ජයබන්ඩාර (කොච්චිකඬේ ලොයලා), කනිෂ්ක ඉමේජ් (මාතර/රාහුල), යගුලිය විසිකිරීම:- ඩී.එස්. හපුආරච්චි (හොරණ ශ්‍රී පාලි), ඩබ්.ඒ.එම්. මලින්ත (වෙන්නප්පුව ශාන්ත රීටා), කවපෙත්ත හා යගුලිය විසි කිරීම:- ළහිරු හේෂාන් (රක්වාන රත්නාලෝක ම.වි.), කවපෙත්ත විසි කිරීම:- එස්. පීරාගස්රාජ් (පේදුරුතුඩුව හාට්ලි), ෂර්වින් රුමේස්ක (ශාන්ත ජෝශප් විදුහල), හෙල්ල විසි කිරීම:- ප්‍රසන්න රණවක (ශාන්ත බෙනඩික් විදුහල), අන්ජන ෆොන්සේකා (වෙන්නප්පුව ශාන්ත ජෝශප්), තුෂ්මික ක්‍රිස්ටල් (හලාවත ශාන්ත මේරි), මීටර් 100×4:- යොහාන් ධනුෂ්ක සිල්වා (ශාන්ත බෙනඩික් විදුහල), තවිඳු රාජකරුණා (වත්තල ලයිසියම් - අතිරේක ක්‍රීඩක), කවිඳු බණ්ඩාර (නුගේගොඩ ලයිසියම් - අතිරේක ක්‍රීඩක), රවිෂ්ක ඉන්ද්‍රජිත් (කොටහේන ශාන්ත බෙනඩික්), ඩී.එම්.එච්.එස්. කරුණාරත්න (වලල ඒ රත්නායක ම.ම.වි.), ඩී.එම්. බෝගොඩ (කුරුණෑගල)


ක්‍රීඩිකාවෝ
මීටර් 100 - මීටර් 200 මීටර් 4×100 4×400:- අමාෂා ද සිල්වා (මහනුවර ස්වර්ණමාලි), මීටර් 100 - මීටර් 200 - මීටර් 4×400:- ෂලින්දා ජෙන්සන් (රාජගිරිය ගේට්වේ), මීටර් 100 - මීටර් 200 - මීටර් 4×100:- ෂර්මිලා ජේන් (රාජගිරිය ගේට්වේ), මීටර් 400 - මීටර් 800 - මීටර් 4×400:- දිල්ෂි ශ්‍යාමලි කුමාරසිංහ (වලල ඒ. රත්නායක ම.ම.වි.) මීටර් 400 - මීටර් 4×400:- සචිනි දිවාංජලි (වත්තල ලයිසියම්), රුමේෂි ඉෂාරා අත්තිඩිය (නුගේගොඩ ලයිසියම්), මීටර් 800 - මීටර් 3000:- වසන්ති මාරිස්ටෙලා (කුලියාපිටිය ම.ම.වි.), මීටර් 800:- ෂානිකා ලක්ෂානි (ගම්පහ සිරිකුරුස), මීටර් 1500 - මීටර් 3000:- සමුදිකා හේරත් (වලල ඒ. රත්නායක ම.ම.වි.), මේනකා කනගරත්න (වලල ඒ රත්නායක ම.ම.වි.), මීටර් 1500:- හෂන්ති මධුමාලි (මාතර සුජාතා බාලිකා), මීටර් 100 - කඩුලු - එන්.ජී.පී.ආර්. ගුණතිලක (රත්නපුර සුමන බාලිකා), භාග්‍යා නිල්මිණි (විහාරගොඩ ම.වි.), සෙනුරි අනුත්තරා (පන්නිපිටිය - ධර්මපාල) මීටර් 400 - කඩුලු:- කවින්ද්‍යා සත්සරණි/අඹගමුව ම.වි.), ආර්.ඒ.ටී.එන්. රණසිංහ (රත්නපුර සීවලි), කුමාරි වනිගරත්න (වලල ඒ රත්නායක), උස පැනීම:- පී.අයි.එන්. පල්ලේගම (ඉබ්බාගමුව ම.ම.වි.), ෂෙනාලි වීරප්පෙරුමගේ (වත්තල ලයිසියම්), කෝසිලා අමරසිංහ (කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය), දුර පැනීම:- රිද්මා නිෂාදි (අම්බලන්ගොඩ ධර්මාශෝක), නෙත්මී මේගවර්න (දෙබරවැව ම.ම.වි.), එස්.ආර්.පී.එන්. මධුවන්ති (දන්කොටුව බාලිකා), තුන් පිම්ම:- රන්දි කුරේ (රාජගිරිය ගේට්වේ), සත්සරා සන්දීපනී (ඇඹිලිපිටිය ජනාධිපති), ඩී.ආර්. නිරෝධා (යුද හමුදා) යගුලිය විසිකිරීම:- ෂරියා ගුණසේකර (කාන්තා විදුහල), රෙහානා ඬේවිඞ් (කාන්තා විදුහල), ඕවිනි චන්ද්‍රසේකර (කොළඹ බිෂොප්), කවපෙත්ත විසිකිරීම:- හේෂානි මහේෂිකා (කඳාන ශාන්ත සෙබස්තියන්), හෙෂාරා රත්නායක (රක්වාන රත්නාලෝක), පූර්ණිමා පෙරේරා (වත්තල ලයිසියම්), හෙල්ල විසිකිරීම:- ඩී.එම්.අයි. හෂන්ති (වලල රත්නායක ම.ම.වි), හසානා මරිෂා ඩීන් (පානදුර අගමැති බාලිකා), මීටර් 4×100:- එච්.එස්. සෙමික් (මහනුවර විහාර මහා දේවි බාලිකා), ටී.එම්.පී. වීරසූරිය (තංගල්ල ශාන්ත ජෝශප් - අතිරේක ක්‍රීඩිකා), සදීපා හෙන්ඩර්සන් (කොළඹ ගේට්වේ අතිරේක ක්‍රීඩිකා), කවිඳි එදිරිසිංහ (නාවල ජනාධිපති බාලිකා අතිරේක ක්‍රීඩිකා), යූ.කේ.පී. බණ්ඩාර (කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා  - අතිරේක ක්‍රීඩිකා)

 


අදහස් (0)

ශ්‍රී ලංකා කනිෂ්ඨ සංචිතයට 84 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.