Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා කණ්ඩායමේ 6 දෙනෙක් නේපාලයේදී සාමාන්‍ය පෙළ ලියති

ශ්‍රී ලංකා කණ්ඩායමේ 6 දෙනෙක් නේපාලයේදී සාමාන්‍ය පෙළ ලියති

යොහාන් භාසුර - 2019 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේදී ලබන දෙසැම්බර් මස 1 වැනිදා ආරම්භ වන සාග් ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනකු කත්මන්ඩු නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ධම්මික මුතුගල මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ වන විට නේපාලයේ නිරීක්‍ෂණ සංචාරයකට සහභාගි වී සිටියි.

“ශ්‍රී ලංකා කණ්ඩායමේ 900 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් හය දෙනෙක් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්. අපි අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සමඟ එකතු වෙලා ඒ දරුවන් වෙනුවෙන් මෙම වගකීම ඉටු කරනවා”

“අපි තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා ඒ දරුවන්ට විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමට සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ” යැයි ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැවසීය.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 2 වැනිදා ආරම්භ කර 12 වැනිදා අවසන් වීමට නියමිතය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමේ 6 දෙනෙක් නේපාලයේදී සාමාන්‍ය පෙළ ලියති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.