Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම 10 දා

ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම 10 දා

Nisanka Sandeepani - 2017 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පස්වැනි වරටත් පැවැත්වෙන අවුරුදු 18 න් පහළ ආසියානු (බාලක) වොලිබෝල් තරගාවලිය සඳහා කණ්ඩායම තෝරාගැනීමේ පරීක්‍ෂණ මේ මස 10 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශ ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. මෙම තේරීම් තරග අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය සංවිධානය කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ක්‍රීඩකයන්  18 දෙනෙකු තෝරා ගනු ලැබේ. 1999, 2000 සහ 2001  වර්ෂවල උපන් ක්‍රීඩකයන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකි අතර මේ සියලු ක්‍රීඩකයන් දැනට පාසල්වල ඉගෙන ගන්නා ක්‍රීඩකයන් විය යුතුය.

ඉරාන සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හා  සහය පුහුණුකරු තේරීමේ සම්මුඛ පරීක්ෂණයද තරගාවලිය සඳහා විනිශ්චයකරුවෙකු තේරීමේ සම්මුඛ පරීක්ෂණයද එදිනම දින පෙ.ව 11.00 ට ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගනයේදී පවත්වනු ලැබේ. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ වැටුප් ලබන ශ්‍රී ලංකාවේ පාසල් වල දැනට රාජකාරී කටයුතු කරන ඕනෑම  ගුරු මහතකුට සඳහා ඉදිරිපත් විය හැකිය. විනිශ්චයකරු සම්මුඛ පරික්ෂණය සඳහා ජාතික තලයේ පාසල් විනිශ්චයකරුවන්ට ඉදිරිපත් විය හැක.

ආසියානු අවුරුදු 18න් පහළ බාලක වොලිබෝල් තරගාවලිය අගෝස්තු මස 22 වැනිදා සිට 31 වැනිදා දක්වා ඉරානයේදී පැවැත්වේ. 

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම 10 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.