Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශක්තිය සහ ශාරීරික යෝග්‍යතාව කළමණාකරණයට ලුඩන් ගෙනේ

ශක්තිය සහ ශාරීරික යෝග්‍යතාව කළමණාකරණයට ලුඩන් ගෙනේ

editorial - 2021 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ශාරීරික යෝග්‍යතා කාර්ය සාධන කළමණාකරු ලෙස ග්‍රාන්ට් ලුඩන් මහතා පත් කර තිබේ. ඔහුගේ පත්වීම පසුගිය සඳුදා සිට ක්‍රියාත්මක වෙයි.

ශක්තිය සහ ශාරීරික යෝග්‍යතා ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන ලුඩන් මහතා ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමේ ක්‍රීඩකයින් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමස්ත ශක්තින් හා ශාරීරික යෝග්‍යතා වැඩසටහන් භාරව කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එක්වීමට පෙර ඔහු 2014 සිට 2019 දක්වා කාලය තුළ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ශක්තිය සහ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව කටයුතු භාරව ක්‍රියා කළේය. එමෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද කටයුතු කර ඇත. දකුණු අප්‍රිකානු පළමු පෙළ පද්ධතිය සමඟ නෂුවා ටයිටන්ස් හි සේවය කළ අතර බංග්ලාදේශයේ ඩකා ග්ලැඩියේටර්ස් හි ශක්තිය සහ යෝග්‍යතා පුහුණුකරු ලෙස ද ලුඩන් මහතා කටයුතු කර ඇත. ලුඩන් මහතා 2008 සිට 2013 දක්වා බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ ශක්තිය සහ යෝග්‍යතා පුහුණුකරු ලෙසද කටයුතු කර ඇත.

ක්‍රීඩා හා ව්‍යායාම තාක්ෂණය පිළිබඳ උපාධියක් ලබා ඇති ඔහු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයෙන් තෙවන මට්ටමේ ක්‍රිකට් පුහුණු සහතිකය ලබාගෙන තිබේ.

“අපේ කාර්යමණ්ඩලයට ලුඩන්ව සාදරයෙන් පිළිගන්නවා. ජාතික හා නැගී එන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ශක්තිය හා ශාරීරික යෝග්‍යතා අංශ වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය අමතර දැනුම ඔහුට එක් කළ හැකි බව අපි විශ්වාස කරනවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.


 - 2079

 


අදහස් (0)

ශක්තිය සහ ශාරීරික යෝග්‍යතාව කළමණාකරණයට ලුඩන් ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.