Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොලිබෝල් සංචිතයට 18 ක්

වොලිබෝල් සංචිතයට 18 ක්

Nisanka Sandeepani - 2017 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දුනීසියාවේ සුරබ්යා නුවරදී පැවැත්වෙන 19 වැනි ආසියානු වොලිබෝල් ශුරතාවලිය ඉලක්ක කරගනිමින් ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පිහිටුවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබේ. 

ඉකුත්දා ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති තේරීම් පරීක්ෂණකදී මෙම සංචිතය තෝරාගෙන ඇති අතර ඊට යුද හමුදාව, ලංකා විදුලිබල මණ්ඩලය සහ වරාය අධිකාරිය නියෝජනය කරමින් ක්‍රීඩකයන් 5 දෙනා බැගින්ද, ගුවන් හමුදාවේ ක්‍රීඩකයන් දෙදෙනෙකුද, නාවික හමුදාවේ ක්‍රීඩකයකුද ඇතුළත්ව ඇත. 

මෙම සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජේ. එම්. සී. තිලකරත්න මහතා කටයුතු කරන අතර සහාය පුහුණුකරු ලෙස එන්. සම්පත් අබේසිංහ මහතාද, අභ්‍යාසක ලෙස කේ. එම්. කේ. සුනිල් මහතාද කටයුතු කරති. 

වසර දෙකකට වරක් පැවැත්වෙන ආසියානු වොලිබෝල් ශුරතාවලිය සඳහා මෙවර රටවල් 14 ක් සහභාගි වන අතර එහි මූලික වටයේදී ශ්‍රී ලංකාව ‘සී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය. ‘සී’ කාණ්ඩයට ඇතුළත්ව සිටින සෙසු රටවල් වන්නේ අවසන් වරට පැවැති තරගාවලියේ (2015) ශූරයන් බවට පත්වූ ජපානය, දකුණු කොරියාව සහ වියට්නාමයයි. 

තරගාවලිය ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු මස 1 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 

තෝරාගන්නා ලද සංචිතය - 
වසන්ත ලක්මාල්, දිලින සුදාරක, චාමර මිහිරාන්, ෂමිල් මලින්ද, ඉසුරු මධුෂාන් (යුද හමුදාව), අයේෂ් දිල්හාන්, ඒ. ඩබ්ලිව් ලක්මාල්, කසුන් චතුරංග, ගයාන් මධුසංඛ, දීප්ති රොමේෂ් (ලංකා විදුලිබල මණ්ඩලය), ජනිත් සුරත්, ආර්. එච්. දිසානායක, නිලංක සංජය, ෂෙහාන් විමුක්ති, ලසිඳු මෙත්මාල් (වරාය අධිකාරිය), මලිත් දිනිඳු, ධනුෂ්ක දිල්ෂාන් (ගුවන් හමුදාව) සහ චානක මධුසංඛ (නාවික හමුදාව)  

 


අදහස් (0)

වොලිබෝල් සංචිතයට 18 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.