Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වොරන් එංගලන්තයට අනතුරු අඟවයි

වොරන් එංගලන්තයට අනතුරු අඟවයි

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිට 12 වැනි වතාවටත් තම කණ්ඩායම අත්කර ගැනීමට සූදානම් වන ටෙස්ට් ජයග්‍රහණයේ මග ඇහිරීමට සමත් කිසිවකු නැතැයි වේල්සයේ පුහුණුකරු වොරන් ගැට්ලෑන්ඞ් අනතුරු අඟවයි. රෝමයේදී ඉතාලිය හමුවේ ලකුණු 26-15 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ වේල්සය තව සති දෙකකින් පසුව එංගලන්තය සමග තීරණාත්මක තරගයට මුහුණ දීමට නියමිතය.

ප්‍රයෝගකාරී උපක්‍රමවලින් වේල්සය ඉහළට ඔසවා තැබූ මේ නවසීලන්ත ජාතික පුහුණුකරුවා කියන්නේ සමහර වෙලාවට ජයග්‍රහණය වෙනුවෙන් අවලස්සණ විදිහට තරග වැදීමටත් සිදුවන බවකි.

“එංගලන්තය පරාජය කිරීමට දස්කම් මුවහත් කරමින් සිටින අපේ අභිප්‍රේරණයේ කිසිම අඩුවක් වෙලා නෑ. අපිට හොඳ අවස්ථාවක් තියෙනවා”

“අපි තරග වදින්නේ අපේ නිවහන වන කාඩිෆ් වලයි. ක්‍රීඩාංගණය එහෙම පිටින්ම අපිට ඔල්වරසන් දෙන ක්‍රීඩාලෝලින්ගෙන් පිරේවි. අපේ කොල්ලෝ ටික මේ ජයග්‍රහණය අත්කරගන්න සමත්වුවහොත් ඒක කාටවත් නොබිඳිය හැකි වාර්තාවක් වේවි” යයි වොරන් කියයි.

වේල්සය අවසන් වතාවට එක දිගට තරග 11 ක් දිනාගත්තේ 1910 වසරේදීය. පැරීසියේදී ප්‍රංශය පරාජය කිරීමට කිසිදු චකිතයකින් තොරව තම කණ්ඩායමේ වෙනස්කම් 10 ක්ම සිදු කළ මේ නිර්භිත පුහුණුකරුවා මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියෙන් පසුව නැවත ගමරට බලා යාමට සූදානමින් සිටී.

“අපි හැම අතින්ම එංගලන්තයට වඩා හොඳයි. රෝමයේදී ඉතාලිය පරාජය කිරිමට සමත්වීමෙන් අපි ඒ බව ඔප්පු කළා. මම වේල්සයේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වීමෙන් පසුව මුහුණදුන් ප්‍රබලතම ඉතාලි කණ්ඩායම තමයි එදා අපි පරාජය කළේ” ඔහු සිය ක්‍රීඩකයන් ගැන උද්දාමයෙන් යුතුව එසේ කීවේය.


 - 077

 


අදහස් (0)

වොරන් එංගලන්තයට අනතුරු අඟවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.