Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෛද්‍යා තාක්‍ෂණික නිලධාරී තනතුරෙන් සමුගනී

වෛද්‍යා තාක්‍ෂණික නිලධාරී තනතුරෙන් සමුගනී

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික නිළධාරියෙකු වන පී.එච්.ඩී. වෛද්‍යතිලක මහතා ලබන 2018 වසරේ සිට එම තනතුරින් ඉවත්වීමට තීරණය කර ඇත.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා තාක්ෂණික නිලධාරීන් සඳහා වසර 4 කට වරක් විශේෂ පරීක්ෂණයක් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය විසින් පවත්වනු ලැබේ. ඒ අනුව ඉදිරි සිව් වසර සඳහා මෙම 21 සහ 22 යන දිනවල එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන එම විශේෂ පරීක්ෂණයට තමා සහභාගී නොවන බව වෛ්‍යතිලක මහතා පවසයි. පෞද්ගලික හේතු මත වෛද්‍යතිලක මහතා මෙම තීරණය ගෙන ඇත.

පී.එච්.ඩී. වෛද්‍යතිලක මහතා 1989 වසරේ සිට ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා තාක්ෂණික නිලධාරියෙකු ලෙස කටයුතු කරන අතර 2001 වසරේ සිට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ තාක්ෂණික නිලධාරියෙකු ලෙස මේ දක්වා සේවය කර ඇත.

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා උළෙල සහ මලල ක්‍රීඩා තරගාවලි රැසක තාක්ෂණික නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති වෛද්‍යතිලක මහතා ඔලිම්පික් ක්‍රීඩා උළෙල, යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල, පැරා ඔපිම්පික් ක්‍රීඩා උළෙල, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය, ලෝක කුසලතා මලල ක්‍රීඩා තරගාවලිය, ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල සහ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යන ක්‍රීඩා තරගවල මලල ක්‍රීඩා තාක්ෂණික නිළධාරියෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර තිබේ.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ තාක්ෂණික නිළධාරි පාඨමාලාවේ කථිකාචාර්ය වරයෙකුද වන ඔහු ඉදිරියටත් අදාළ පාඨමාලා මෙහෙයවීම් කටයුතු වල නියැලෙන බව පවසයි.

වෛද්‍යතිලක මහතා ගාල්ල රිච්මන්ඞ් විදුහලේ ආදී සිසුවෙකු වන අතර පාසල් සහ ක්‍රීඩා සමාජ මට්ටමින් මීටර් 110 කඩුලු පැන දිවීම ඉසව්ට තරග කළ ක්‍රීඩකයෙකු ද වෙයි.

 


අදහස් (0)

වෛද්‍යා තාක්‍ෂණික නිලධාරී තනතුරෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.