Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළෙඳ සේවා වොලිබෝල් අවසන් තරග අද

වෙළෙඳ සේවා වොලිබෝල් අවසන් තරග අද

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා වොලිබෝල් තරගාවලියේ අවසන් තරගය අද සහ හෙට (16 සහ 17) මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

රුපියල් ලක්ෂ 15ක මුදලක් ජයග්‍රාහක කණ්ඩායම වෙනුවෙන් පිරිනැමෙන මෙම තරගාවලිය කාණ්ඩ තුනකින් සමන්විතය. වෙළඳ සේවා අංශයට අනුබද්ධ කණ්ඩායම් 100 කට වැඩි සංඛ්‍යාවක් මෙම තරගාවලියේ මූලික වටයට සහභාගි වූහ. වෙළඳ සේවා වොලිබෝල් සංගමය විසින් වාර්ෂිකව මෙම තරගාවලිය මෙහෙයවන අතර ප්‍රමුඛ පෙළේ වෙළඳ සේවා ආයතන රැසක්ම ඊට අනුග්‍රාහය දක්වයි.

මෙවරත් මෙම තරගාවලියේ සුපර් ලීග් අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවට සහ දක්ෂතම ක්‍රීඩකයාට යතුරු පැදියක් පිරිනැමීමට නියමිතය.


අවසන් තරග සටහන
සැප් 16දා
ප.ව 1.00 ට - ‘ඒ ’ කාණ්ඩයේ කාන්තා අවසන් තරගය මාස් ඇක්ටිව් ස්ට්‍රොච්ලින් ක්‍රී.ස. සහ ඔමේගා ලයින් අතර
ප.ව 3.00 ට - ‘ඒ ’ කාණ්ඩයේ පිරිමි අවසන් තරගය ප්‍රොස්පෙරස් ක්‍රී.ස සහ නිට්ටඹුව බ්‍රැන්ඩික්ස් ක්‍රී.ස අතර

සැප් 17 දා
පෙ.ව 8.00 ට - ‘ශූරතා’ කාණ්ඩයේ කාන්තා අවසන් තරගය ඔමේගා ලයින් ක්‍රී.ස සහ අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන් ක්‍රී.ස අතර
පෙ.ව 9.00 ට - ‘ශූරතා’ කාණ්ඩයේ පිරිමි අවසන් තරගය කටුනායක ක්‍රිස්ටල් මාර්ටින් ක්‍රී.ස සහ ඩේවිඩ් පීරිස් සමාගම ක්‍රී.ස අතර
පෙ.ව 10.00 ට - ‘සුපර් ලීග්’ කාන්තා අවසන් තරගය මාස් හෝල්ඩින ක්‍රී.ස සහ මාවත ගම බ්‍රැන්ඩික්ස් ෆාස්ට් ෆැෂන ක්‍රී.ස අතර
ප.ව 3.00 ට - ‘සුපර් ලීග්’ පිරිමි අවසන් තරගය ටිජේයි ක්‍රී.ස සහ කටුනායක මාස් ඇක්ටිව් ක්‍රී.ස අතර

 

 


අදහස් (0)

වෙළෙඳ සේවා වොලිබෝල් අවසන් තරග අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.