Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළෙඳ සේවා ක්‍රීඩකයෝ ශූරතාව දිනති

වෙළෙඳ සේවා ක්‍රීඩකයෝ ශූරතාව දිනති

editorial - 2020 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බද්දේගම පිහිටි දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පැවැති 42 වැනි ජාතික කනිෂ්ඨ හොකී තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වෙළෙඳ සේවා හොකී සංගම් කණ්ඩායම සමත් විය. ඒ ගෝල 3-2 ක් ලෙස වෙන්නප්පුව හොකී ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරමිනි.

තරගයේ පළමු කාර්තුව අවසන් වන විට දෙපිලම ගෝල ලබාගැනීමට අසමත්ව සිටියද, තෙවැනි කාර්තුව තුළදී ගෝලයක් ලබාගත් වෙළෙඳ සේවා ක්‍රීඩකයෝ, පළමු අර්ධය නිමා වන විට 1-0 ක් ලෙස තරගයේ පෙරමුණ තමන් සතුකර ගත්හ. තෙවැනි කාර්තුවේදී තවත් ගෝල දෙකක් ලබාගත් වෙළෙඳ සේවා කණ්ඩායම 3-0 ක් ලෙස වෙන්නප්පුව හොකී කණ්ඩායම පසුපසට ඇද දැමුවේය.

අවසන් කාර්තුව තුළදී ගෝල 2 ක් ලබාගැනීමට වෙන්නප්පුව හොකී කණ්ඩායම සමත් වුවද, ඔවුන්ට වෙළෙඳ සේවා කණ්ඩායම පසුකර යෑමට අවස්ථාවක් හිමි නොවීය. අවසන් කාර්තුවේදී ගෝල ලබාගැනීමට වෙළෙඳ සේවා කණ්ඩායම අසමත් වුවත් මුල් කාර්තු 3 තුළදී ලබාගත් ගෝල 3 හේතුවෙන් ගෝල 3-2 ක් ලෙස තරගය නිමා කිරීමට ඔවුන්ට හැකි වූහ.  

තරගාවලිය පුරා කැපී පෙනෙන දස්කම් දැක්වූ වෙළෙඳ සේවා කණ්ඩායමේ ඩිල්ෂාන් ලහීර් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.

අවසන් මහ තරගයේදී වෙළෙඳ සේවා කණ්ඩායම වෙනුවෙන් ගෝල ද්විත්වයක් ලබාගැනීමට බෝධික ඩයස් සමත් වූ අතර එම්. කමලීන් එක් ගෝලයක් ලබාගත්තේය. ඒ. විමුක්ති සහ එන්.ජී. කූඥ්ඥෙ වෙන්නප්පුව හොකී කණ්ඩායම වෙනුවෙන් ගෝලය බැගින් ලබාගත්හ.

තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට මාතලේ දිස්ත්‍රික් හොකී සංගම් කණ්ඩායම සමත් වූයේ ගෝල 3-0 ක් ලෙස ගාල්ල දිස්ත්‍රික් හොකී සංගම් කණ්ඩායම පරාජය කරමිනි. එහිදී එස්.එච්. රත්නපාලගේ, ඩී. බණ්ඩාර සහ සී.වී. වෙන්ඩසෝල්ට් ගෝල ලබාගත්හ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ප්‍රසන්න හෙන්නායක මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානොත්සවයට සහභාගි වූ අතර විද්‍යා සමූහ ව්‍යාපාරයේ සභාපති ගාමිණි වන්නිආරච්චි මහතාද විශේෂ ආරාධිතයකු ලෙස ඊට එක් විය.

-036


අදහස් (0)

වෙළෙඳ සේවා ක්‍රීඩකයෝ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.