Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළෙඳ සේවා අවසන් මහ තරග සැප්: 16-17

වෙළෙඳ සේවා අවසන් මහ තරග සැප්: 16-17

ශනුක අරවින්ද - 2017 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග සැප්තැම්බර් මස 16 වැනිදා සහ 17 වැනිදා මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. එහිදී ජයග්‍රාහක කණ්ඩායම් වෙනුවෙන් පිරිනැමීමට නියමිත මුලු මුදල රුපියල් මිලියන 1.5 කි.  

මෙම තරගාවලියේ මූලික වටයේ තරග ඉකුත්දා මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී සුපර් ලීග්, ශූරතා සහ ‘ඒ ’ කාණ්ඩය ලෙස කාණ්ඩ තුනක් යටතේ පැවැති අතර ඒ සඳහා කණ්ඩායම් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගි විය.

එහිදී තරගාවලියේ අවසන් මහ තරග 2 කට සහ අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලබාගැනීමට බ්‍රැන්ඩික්ස් සමාගමේ කණ්ඩායම් සමත්ව සිටින අතර මාස් සමාගමේ කණ්ඩායම් අවසන් මහ තරගයකට සහ අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලබාගැනීමට සමත්ව සිටියි.

කාන්තා සුපර් ලීග් කාණ්ඩයේ අවසන් මහ තරගය සඳහා මීරිගම බ්‍රැන්ඩික්ස් කණ්ඩායම සුදුසුකම් ලබාගත් අතර එහිදී ඔවුන් මාවතගම මාස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.

අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් කණ්ඩායම කාන්තා ශූරතා කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින අතර එම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම බවට පත්ව සිටින්නේ ඔමෙගාලයින් කණ්ඩායමයි.

පිරිමි සුපර් ලීග් කාණ්ඩයේ අවසන් පූර්ව තරගවලදී බ්‍රැන්ඩික්ස් ටෙක්ස්ටර්ඞ් ජර්සි කණ්ඩායම සහ කටුනායක මාස් කණ්ඩායම අතරද, සී. සී. එල් කණ්ඩායම සහ කැන්රිච් ෆයිනෑන්ස් කණ්ඩායම අතරද තරග පැවැත්වීමට නියමිතය.

-036

 


අදහස් (0)

වෙළෙඳ සේවා අවසන් මහ තරග සැප්: 16-17

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.