Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙළඳ සේවා ‘ඊ’ කොටසේ ක්‍රිකට් ශූරතාව ඊගල් ලොජිස්ටික්ස් පිලට

වෙළඳ සේවා ‘ඊ’ කොටසේ ක්‍රිකට් ශූරතාව ඊගල් ලොජිස්ටික්ස් පිලට

රොෂාන් ගුණරත්න - 2020 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


වෙළඳ සේවා ‘ඊ’ කොටසේ ශූරතාව පළමු වරට දිනා ගැනීමට ඊගල් ලොජිස්ටික්ස් සමාගම පසුගිය සතියේ සමත්විය. තරගාවලියේ අවසන් මහා තරගයේදී එලායන්ස් ඉන්ෂුවරන්ස් සමාගමට එරෙහිව ලකුණු 48 ක ජයක් හිමිකර ගත් ඊගල් ලොජිස්ටික් සමාගම ‘ඩි.පී.ජී.සී. අභියෝගතා කුසලාන දිනාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඊගල් ලොජිස්ටික්ස් පිල ඕවර 25 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 144 ක් රැස්කිරීමට සමත්විය. අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ දිනෙත් තිමෝද්‍ය පන්දු 61 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 52 ක් ලබාගත් අතර දුලාජ් එගොඩගේ පන්දු 53 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 44 ක් ලබාගත්තේය. දිනෙත් තිමෝද්‍ය සහ දුලාජ් එගොඩගේ එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 85 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඊගල් ලොජිස්ටික්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ඕවර 25 කදී ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය එලායන්ස් ඉන්ෂුවරන්ස් පිලට ඕවර 21.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 96 ක් පමණි. ඬේමියන් ද බයිසර් ලකුණු 28 ක් ලබාගනිමින් එලායන්ස් ඉන්ෂුවරන්ස් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වන විට සමීර ප්‍රනාන්දු ලකුණු 24 ක් ලබාගත්තේය. ප්‍රගීත් ප්‍රනාන්දු සහ මොහොමඞ් ෆාරී කඩුලු 3 බැගින් දවාගනිමින් ඊගල් ලොජිස්ටික්ස් පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.

මෙම තරගාවලියට ඬේවිඞ් පිරීස් සමාගම 18 වැනි වරටත් අනුග්‍රහය දැක්වූයේය.

ත්‍යග ප්‍රදානෝත්සවය වෙළඳසේවා ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ඊගල් ලොජිස්ටික්ස් පිලේ දුලාජ් එගොඩගේ දිනා ගත්තේය. තරග 8 කදී ශතකයක් සහ අර්ධ ශතක තුනක් සමගින් ලකුණු 304 ක් මෙන්ම කඩුලු 9 ක් ද දවාගත් නිලන්ත විජේකෝන් (3 ඩි.එච් ඉන්ටර්නැෂනල් සමාගම) තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ දක්ෂතම පිතිකරුවාට හිමි සම්මාන ද්විත්වය දිනා ගැනීමට සමත්විය. තරග 7 කදී කඩුලු 18 ක් දවාගත් ගීතක චන්දීප අල්විස් (කොමර්ෂල් ලීසිං සමාගම) දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගත්තේය.


ඊගල් ලොජිස්ටික්ස් - ඕවර 25 කදී කඩුලු 7 ක් දැවී 144
(දිනෙත් තිමෝද්‍ය 52, දුලාජ් එගොඩගේ 44, නිශාන් ප්‍රනාන්දු 17, ඉසුරු මෙන්ඩිස් 17, දුලාජ් ජයවර්ධන 24/2, මයුර රණසිංහ 27/2)

එලායන්ස් ඉන්ෂුවරන්ස් - ඕවර 21.4 කදී සියලුදෙනා දැවී 96
(ඬේමියන් ද බයිසර් 28, සමීර ප්‍රනාන්දු 24, ධනුෂ්ක කුමාර 15, ප්‍රගීත් ප්‍රනාන්දු 35/3, මොහොමඞ් ෆාරී 13/3)

 


අදහස් (0)

වෙළඳ සේවා ‘ඊ’ කොටසේ ක්‍රිකට් ශූරතාව ඊගල් ලොජිස්ටික්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.