Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙස්ලි විදුහල 36-6 කින් විද්‍යාර්ථ විදුහල පරාජය කරයි

වෙස්ලි විදුහල 36-6 කින් විද්‍යාර්ථ විදුහල පරාජය කරයි

යොහාන් භාසුර - 2020 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග්’ කුසලාන අන්තර් පාසල් වයස 19 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු සතියේ තෙවැනි තරගය ලෙස ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී අද (06) පැවැති තරගයේදී වෙස්ලි විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 36-6 කින් මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජය කිරීමට සමත් වූහ.

ජයග්‍රාහි වෙස්ලි විදුහල් පිල ගෝල හතරකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු 36 රැස්කළේය. විද්‍යාර්ථ විදුහලට දඩුවම් පහර දෙකකින් ලකුණු එකතු විය.
 
වෙස්ලි විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 22-0 කින් පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.

වෙස්ලි විදුහලට එරංග හර්ෂණ උත්සාහක දිනුම් දෙකක් ද, ෂුහේප් පකීර් අලී, තීක්‍ෂණ විතානගේ සහ හාෆිෂ් තාබිත් උත්සාහක දිනුම බැගින් ද, සම්පූර්ණ කළහ. ශවීන් ජයවර්ධන ගෝල ප්‍රවර්ථන සහ දඩුවම් පහර සාර්ථක කළේය.

චිරන්ත කළුආරච්චි, විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් දඩුවම් පහර දෙක සාර්ථක කළේය.


අදහස් (0)

වෙස්ලි විදුහල 36-6 කින් විද්‍යාර්ථ විදුහල පරාජය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.